katatarasata.com

 

 

පයිනැපල් ගැටෝ

- උදේශිකා වනිගසුරිය විසිණි.



ස්පොන්ජ් කේක් එක සදහා

පිටි 120g 
සීනි 120g 
බිත්තර 6
බේකින් පවුඩර් 1tsp 
වැනිලා 3tsp

ගැටෝ එක සදහා

විප් ක්‍රීම් 250ml
අයිසින් සීනි 3tbsp
අන්නාසි ගෙඩියක් 
සීනි 1cup
වතුර 1/2 cup
කුරුදු පොතු කෑල්ලක්
බ්‍රැන්ඩි 2tbsp(කැමති නම් විතරක්)

පළමුවෙන්ම පිටි සහ බේකින් පවුඩර් 3 වරක් හලාගන්න.

බිත්තර සුදු මද ,කහ මද වෙන් කරගෙන,සුදු මද වලට සිනි ප්‍රමාණ වලින් බාගයක් දමා භාජනය අනිත් පැත්ත හැරවුවාම වැටෙන්නෙ නැති වෙනකන් හොදින් බීට් කරන්න.

ඉන්පසු කහ මද වලට ඉතිරි සීනි ටිකත් එකතු කර ක්‍රීම් වගේ වනතුරු බීට් කරන්න.

එයටම පිටි එකතු කර බීට් කරන්න.

දැන් එයට සුදු මද දෙපාරකට එක් කරමින් වැනිලාත් එකතු කර පත්තකින් කලවම් කරන්න.

බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් දමා මිශ්‍රණය දමා අවන් එකේ 150 c විනාඩි 35ක් බේක් කර,එලියට ගන්නෙ නැතිව තවත් විනාඩි 20ක් පමණ තබා නිවෙන්න තියන්න.

දැන් මේ හදා ගත්ත ස්පොන්ජ් කේක් එක හොදින් නිවෙන්න තබා,කොටස් 3කට වෙන් කර ගන්න.

දැන් සීනි ටිකට වතුර දමා හොදින් උණු කරගන්න.ඒ ටික උණු උනාම පොඩිවට කපා ගත්ත අන්නාසි ටික එකතු කර උතුරගෙන එනවිට අන්නාසි කැබලි හා අන්නාසි සිරප් ටික වෙන් කරගන්න.

දැන් සිරප් ගත් කේක් කැබලි මතට වත් කර කේක් එක හොදින් තෙමා ගන්න,ඊට් උඩින් බ්‍රැන්ඩි ත් වත් කර ගෙන,ඒ මත අන්නාසි කැබලි තබා විප් ක්‍රීම් එක සාදන තුරු ෆ්‍රිජ් එකෙ තබන්න

දැන් ෆ්‍රිජ් එකේ පැය බාගයක් පමණ භාජනය හා බීටරෙ බීට් කරන කැබලි 2ක තබා බීට් කරන්න පටන් ගන්න.

විනාඩි පහක් පමණ විප් ක්‍රීම් එක බීට් උන පසු අයිසින් සීනි ටිකත් දමා හොදින් බීට් කරන්න ,ඉස්සුවම වැටෙන්නෙ නැති වන තුරු.

එක ෆ්‍රිජ් එකෙන් තියලා පැය භාගයක් පමණ තබා කපා ගත්ත කේක් කෑලි මත අන්නසි කෑලි තබා එකින් එක විප් ක්‍රීම් තවරමින් උඩින් තබා ගන්න.

දැන් ඉතින් ඔයාලට කැමති කැමති විදියට ලස්සන කරගන්න පුළුවන් යාලුවනේ...😃😃😃😃

ෆ්‍රිජ් එකේ පැය 12ක් වගෙ තියලා කන්නකෝ මාරම රසයී

උදේශිකා වනිගසුරිය ගේ වෙනත් කෑම වට්ටෝරු


පයිනැපල් ගැටෝ
උදේශිකා වනිගසුරිය

බර්ගර් බන්
උදේශිකා වනිගසුරිය

චිකන්,සොසේජ්, චීස් පීසා
උදේශිකා වනිගසුරිය

මාශ්මෙලෝස්
උදේශිකා වනිගසුරිය
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 890
දියබත්
By Ishara Sajani Kavinga
Views - 316
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 576
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 996
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 932
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8736
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8354
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8255
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6040
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6019
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'