katatarasata.com

 

 

තායි පයිනැපල් රයිස්

- සඳරේඛා විජේසිංහ විසිණි.



(රෙසපිය හම්බුනේ පත්තරේකින් හොදේ)

*හොදින් ඇට වෙන්වෙන්ව උයාගත් බාස්මතී බත් කෝප්ප 4ක්
*හීනිවට කපාගත් වියළි මිරිස් කරල් 4
*සිහින්ව ගාගත් කැරට් අල 2
*සිහින්ව කොටු කපාගත් මාලු මිරිස් කරල් 2
*පොඩිවට කොටු කපාගත් බී ළූණු ගෙඩි 2
*තලාගත් සුදුලූනූ බික් 3
*තලාගත් ඉගුරු කෑල්ලක්
*සිහින්ව කපාගත් ලීක්ස් ටිකක්
*පෙති කපාගත් සොසෙජස් කරල් 5ක්
*කොටු කපාගත් අන්නාසි පොඩි ගෙඩියක්
*ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
*කෑලිමිරිස් තේ හැදි 1
*සෝයා සෝස් තේ හැදි 2
*චිලී සෝස් තේ හැදි 2
*සීනි තේ හැදි 1
*සුදු විනාකිරි තේ හැදි 1
*රස අනුව ලුණු
*එලවලු තෙල් මේස හැදි 2
*මාගරින් මේස හැදි 1

*දැන් තාච්චියක් ලිපේ තියලා තෙල් මේස හැදි 2 දමා රත් වූ පසු මාගරින් ටිකත් දාන්න.
*එයට ඉගුරු,සුදුලූනූ දමා විනාඩියක් තෙම්පරාදු කර එයට ලියාගත් වියළි මිරිස් ටික දාන්න.
*දැන් එයට කැරට්,බී ළූණු,මාලුමිරිස්,සොසෙජස් දමා ටිකක් තෙම්පරාදු කරගන්න.ඉන්පසු අන්නාසි ටික දාන්න.
*දැන් ලිපේ දැල්ල අඩුකර බත් ටික එකතු කර ඊට සෝයා සෝස්,ගම්මිරිස්,කෑලිමිරිස්,විනාකිරි,සීනි,චිලී සෝස් දමා ලිපේ ගින්දර වැඩි කර හොදින් මිශ්‍ර කරගන්න.රස අනුව ලුනු දමා ගන්න.
*අවසානයට ලීක්ස් ටික එකතු කර උනුවෙන්ම කෑමට ගන්න.

රෙසපිය ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගන්න.මේකේ දැම්මෙ මම ගන්න ප්‍රමාණයනේ.
 

සඳරේඛා විජේසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


තායි පයිනැපල් රයිස්
සඳරේඛා විජේසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 514
දියබත්
By Ishara Sajani Kavinga
Views - 200

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 387
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 682
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8315
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7808
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7425
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5758
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5676
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'