katatarasata.com

 

 

චොප්සි රයිස්

- ගයාන් එරන්දක විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
උයා ගත් බත්
කපා ගත් මස් (කැමති මස් වර්ගයක් පාවිච්චි කල හැක.) ඉස්සො, සොසේජස්
ලොකුවට කපාගත් කැරට්, ගෝවා, ලීක්ස්, බොරොකොලීන්, බොක් චෝඊ, බට්න් මශ්‍රෑම්( හතු) බේබි කෝන්( බෝංචි, මල් ගෝවා, බෙල් පෙපර් වැනි දෑද යොදාගත හැක)
තක්කාලි ( අකමැතිනම් අවශ්‍ය නැත)
වටු බිත්තර (අකමැතිනම් අවශ්‍ය නැත)
ලොකුවට කපාගත් ලූණු, පොඩියට කපාගත් සුදු ලූණු, ඉගුරැ
කැමති ස්ටොක් වර්ගයක් කෝප්ප 1/4~1/2 අතර (කුකුලු මස්, තලාගත් සුදු ලූණු, ඉගුරු, ලූණු සහ ලුනු ස්වල්පයක් කුකුල් මස් කැබලි වැහෙන තරමට වතුර දමා හොදින් තම්බා ගෙන වතුර පෙරා ගැනීමෙන් කුකුල් මස් ස්ටොක් සාදාගත හැක.)
ලුනු, ගම්මිරිස්
ඉරිගු පිටි ( corn flour) මේස හැදි 1
සොයා සෝස් මේස හැදි 2~3
ඔඊස්ටර් සෝස් මේස හැදි 1
විනාකිරි මේස හැදි 1

සාදන ක්‍රමය:
කුකුල් මස් වලට ලුනු සහ ගම්මිරිස් දමා පදම් කරගන්න
සුදුසු බාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමන්න
තෙල් රත් වනවිට පදම් කරගත් මස් ටික එයට දමන්න
මස් බැදී දුබුරැ පැහැ ගැන්වෙන විටදී ඉහත ආකාරයටම පදම් කරගත් ඉස්සො ටිකද එක් කරන්න
ඉස්සන් ටික බැදීගෙන එනවිට කපාගත් සොසේජස් එක් කරන්න
ඉහත සියල්ල බැදීගෙන එනවිට සුදු ලූණු සහ ඉගුරු එක් කරන්න
එයටම විනාකිරි එක් කරන්න
ඉහත සියල්ල කලවම් කර එයට ලොකු ලූණු එක්කරන්න
කැරට්ද එක් කරන්න
සියල්ල හොදින් කලවම් කර මද ගින්නේ සුලු වේලාවක් තබන්න
ඒ අතරතුර ස්ටොක් එකට ඉරිගු පිටි දමා හොදින් කලවම් කරගන්න
ඉහත ස්ටොක් එකටම සෝයා සෝස් සහ ඔඊස්ටර් සෝස් එක් කර හොදින් කලවම් කරන්න
ගෝවා, ලීක්ස්, බොරොකොලීන් ඉහත මස් එකටම එක් කරන්න
හොදින් කලවම් කර බට්න් මශ්‍රෑම්, බේබි කෝර්න් එක් කරන්න
බොක් චොප්සිද එක් කරන්න
තක්කාලිද එක් කරන්න
වටු බිත්තරද එක් කර හොදින් කලවම් කරන්න
ඉහත සාදාගත් ස්ටොක් එක ටික ටික ඉහත මස් සහ එලවලු වලට එක් කරන්න
හොදින් කලවම් කරන්න
බත් සමග මේ ආකාරයට වෙන වෙනමද කෑමට ගත හැක

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 128
දියබත්
By Ishara Sajani Kavinga
Views - 59

By Ishara Sajani Kavinga
Views - 24
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 67
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 240
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7801
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7183
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6424
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5316
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5241
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'