katatarasata.com

 

 

මෑ කරල් සුදුලූණු බැදුම

- ඉන්දු කුමාරි ජයසේකර විසිණි.



මෑකරල් වලට වාතෙ කියලා අම්මා කියනවා මං අහලා තියෙනවා ..ඒ නිසා යහමින් සුදුලූණු දාන්න ඕනි කියලා කියනවා...
ඕනි දේවල් මෙන්න..
මෑකරල් 
සුදුලූණු ටිකක් යහමින් 
ලූණු ගෙඩියක් 
අමුමිරිස් කරල් 2
රම්පෙ
කරපිංචා 
උම්බලකඩ ටිකක් 
කෑලි මිරිස් ටිකක් 
කහ කුඩු ටිකක් 
ලුණු 
අබ ටිකක් 
තෙල් ටිකක් 
🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃
හදන්න මෙහෙම 
මෑකරල් ටික සෝදලා කෑලි කඩා ගන්න .
සුදුලූණු ටිකත් සුද්ද කරලා දෙකට පලා ගන්න .
ලූණු,අමුමිරිස් හීනියට ලියලා මෑකරල් එකට දාන්න.උම්බලකඩ ටිකත් දාන්න .
සියලුම ද්‍රව්‍ය එකට දාලා ලුණු ,කෑලි මිරිස් ,කහ දාලා කලවම් කරන්න ..දැන් තෙල් ටිකක් ලිපේ තියලා රත් උනාම අබ ඇට ටිකක් දාලා පුපුරවන්න.
ඊට පස්සෙ මෑකරල් ටික දාන්න ...
වතුර ඩිංගක් දාලා තෙලෙන් තැම්බෙන්න තියන්න..
ඕන නම් මිටි කිරි ටිකක් දාන්න පුළුවන් ..
මං නම් දාන්නෙ නෑ.

ඉන්දු කුමාරි ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මෑ කරල් සුදුලූණු බැදුම
ඉන්දු කුමාරි ජයසේකර

ඌරු මස් කරි
ඉන්දු කුමාරි ජයසේකර

ගොරකා අච්චාරු
ඉන්දු කුමාරි ජයසේකර

කෙසෙල් මුව මැල්ලුම
ඉන්දු කුමාරි ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6592
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6111
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4653
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4477
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4462
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'