katatarasata.com

 

 

තක්කලි මාලු මිරිස් හොද්ද

- මුතු තරංගා විසිණි.



මේක හරීම රසයි, සුවදයි ,ගෑවුනත් ඇති කන්න,
මට මේක දුන්නේ අද මගේ හොදම යාලුවෙක් කෑම සගරාවකින් අරන් හොදද,,,,
මේක හදාගන්න ලේස්ති කරගන්න
දිග අතට කපාගත් මාලු මිරිස් කරල් 6-7
4ට කපාගත්තු තක්කලි ගෙඩි 5-6
ලොකුවට කපා ගත්තු බීලූනු ගෙඩි 2ක්
පොඩිවට කපපු අමුමිරිස් කරල් 2
හීනියට කපපු සුදු ලූනූ බික් 3
රම්පෙ,කරපිංචා 
පොඩියට කපපු රතුලූනු ටිකක්
අබ තේ හැදි බාගයයි
උලු හාල් තේ හැදි කාලයි
අමු තුනපහ තේ හැදි බාගයයි
කහ කුඩු තේ හැදි බාගයයි
මිරිස් කුඩු තේ හැදි 2
සීනි තේ හැදි කාලයි
ලුනු අවශ්‍ය පමන
තෙල් මේස් හැදි2
මිටි කිරි කෝප්ප 2
උම්බලකඩ ටිකක් හරි වියලි හාල් මැස්සො 8ක් පමන, මන් දැම්මෙ කූනිස්සෝ ටිකක්,

හරි මෙහෙමයි හැදුවෙ,
මැටි හට්ටිය ලිප තියලා තෙල් ටික දාන්න,රත් වෙද්දි අබ ටික දාන්න,අබ පුපුරද්දි රම්පෙ කරපිංචා දාලා හැදි ගාමින් තෙම්පාරාදු කරන්න,ටිකකින් මේකට රතු ලූනු ටික එකතු කරන්න,හැදි ගාමින් තෙම්පරාදු කරන්න,ටිකකින්උලු හාල්,අමු මිරිස්,සුදුලූනු එකතු කරන්න ,තෙම්පාරාදු කරන්න,දැන් මේකට බී ලූනු ටික එකතු කරන්න,ගින්දර අඩු කරලා ටික වෙලාවක් බැදගන්න,,දැන් මේකට මාලු මිරිස්, තක්කාලි ,කූනිස්සො(කියපුවයින් කැමති එකක්)එකතු කරලා හොදට මිශ්‍ර කරන්න,,ඊට පස්සෙ මිරිස් කුඩු,කහ කුඩු,අමු තුනපහ කුඩු එකතු කරලා හැන්දෙන් හොදට කලවම් කරලා තපපර 30ක් විතර උයාගන්න,, දැන් මේකට මිටි කිරි,ලුනු කුඩු , සීනි එකතු කරලා මිශ්‍ර කරලා ගින්දර වැඩි කරලා උයා ගන්න,එක පාරක් නැටුවම ගින්දර හොදටම අඩු කරලා විනාඩි 10-15විතර උයා ගන්න,,මේක හොදට බොරයක් වෙනවා,,පලාතම සුවදයි,,ලිපෙන් බාලා,වහලා තියලා,බත් එක බෙදද්දි ඉස්ම ටිකකුත් එක්කම බෙදාගන්න,,රසයි,සුවදයි , ගෙදර අය හැමදාම ඉල්ලයි, බත්,පාන්,ඉදි ආප්ප ඕනම දේකට ඔට්ටුයි, මට නම් මේකත් එක්ක විතරක් බත් කන්න පුලුවන්, එහෙනම් හදලා රස බලලා මටත් කියන්නකෝ..........

මුතු තරංගා ගේ වෙනත් කෑම වට්ටෝරු


මාලු ඇඹුල් තියල් හදලා බේක් කරලා
මුතු තරංගා

ගෝවා මල් බැදුම
මුතු තරංගා

තක්කලි මාලු මිරිස් හොද්ද
මුතු තරංගා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 927
දියබත්
By Ishara Sajani Kavinga
Views - 325
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 588
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1032
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 952
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8787
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8422
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8346
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6069
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6055
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'