katatarasata.com

 

 

එග් බන් (සොසේජස් බන්)

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



එග් බන් (සොසේජස් බන්)

පාන් පිටි 400 g
ඊස්ට් තේ හැදි 2
ලුණු තේ හැදි 1
බිත්තර 2
සීනි මේස හැදි 3
කිරි පිටි තේ හැදි 1( මට තිබුණේ නෑ)
මද රස්නේ වතුර

⚘ඊස්ට් තේ හැදි 2ට සීනි තේ හැදි 1 හා මද රස්නේ වතුර තේ හැදි 5 පමණ දමා කලවම් කර තියන්න.

⚘පාන් පිටි 400gට සීනි හැදි 2,ලුනු තේ හැදි1,කිරි පිටි දමා ඇගිලි තුඩු වලින් කලවම් කර ගන්න.

⚘බිත්තර දෙක වෙනම භාජනයක ගෑරුප්පුවකින් ටිකක් ගසා ගන්න...(කහමද සුදු මද එකට එක් වෙන්න විතරයි ඕන)

⚘බිත්තර වලින් ටිකක් ඉතිරි කරගෙන(ටිකක් බනිස් වල තවරන්න තියාගන්න) පිටි සමඟ කලවම් කරන්න.

⚘ඊළගට පාන් පිටි වලට ඊස්ට් ටික ටික දමමින් පිටි ගුලියක් හදාගන්න.

⚘ මද රස්නේ වතුර ටික ටික දමාගන පිටි මෝලිය අතේ නොඇලෙන තරමට වනතුරු විනාඩි 15ක් අනන්න.

⚘අතේ නොඇලෙන සොෆ්ට් පිටි මෝලියක් අවසානයේ තියෙන්න ඕන ...දැන් පිටි මෝලියේ තෙල් ටිකක් තවරා තෙත රෙද්දකින් වහලා පැයක් පිපෙන්න තියන්න.

⚘පැයකට පස්සේ පිටි මෝලිය දෙගුණයක් වෙලා තියෙයි..දැන් ඒක අතින් ටිකක් තද කරන්න...

⚘දැන් කැමති හැඩවලට බනිස් සදාගෙන බේකින් ෂීට් එකක් දමා ගත් තැටියක තබා ගන්න.

⚘හදාගත් බනිස් උණුසුම් තැනක පැය 1/2 ක් පමණ තියන්න.

⚘පිපිණු බනිස් වල ඉතිරි කරගත් බිත්තර තවරන්න....තියෙයිනම් තල ඇට ටිකක් උඩින් ඉහගන්න.

190C විනාඩි 15ක් බේක් කරන්න.

මං එග් බන්ස් හදපු නිසා මැදින් පලා ගත් බනිස් වල බටර් තවරා ඵෑණු,බිත්තර,තක්කාලි,සලාද කොළ තිබ්බා...ඔයාලා කැමති පිරවුමක් තියාගන්න

** මතක ඇතුව රස්නේ වැඩි වතුර ගන්න එපා මද රස්නේ වතුරම ගන්න.

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


එග් බන් (සොසේජස් බන්)
ස්ටෙලා හින්ඩ්ල්

චොකලට් බිස්කට්
ස්ටෙලා හින්ඩ්ල්

ආප්ප
ස්ටෙලා හින්ඩ්ල්

සොසේජස් මසාලා
ස්ටෙලා හින්ඩ්ල්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 158
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 136
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 149
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 84
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 295
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6870
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6327
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5056
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4619
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4600
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'