katatarasata.com

 

 

අප්‍රිකොට් බීම - Apricot Juice

- අර්ජුනී උපේක්ඛා රණතුංග විසිණි.



නාරි ප්‍රේමි අප්‍රිකොට්..ඇයි මම එහෙම කියන්නේ පලතුරු ලෝකයේ කාන්තා අපි වෙනුවෙන්ම මනු ලොවට පහල වුන පළතුරක් හැටියට මෙය හදුන්වන්න පුළුවන්.එනිසාමයි රුපලාවන්‍ය නිෂ්පාදන සදහා වැඩිවශයෙන්ම භාවිතා කරන පලතුර අප්‍රිකොට් වන්නේ .කාන්තාවන්ගේ හිසේ සිට දෙපතුල දක්වාම සත්කාර කරන ආලේපන බොහොමයක් සදහා අප්රිකොට් යොදාගන්නවා..නිරෝගී ශක්තිමත් දිගු කෙස් වැටියකට අප්රිකොට් මහගු උපකාරයක් වෙනවා..ඒ වගේම විටමින් ඒ අඩංගු නිසා ඇස් පෙනීම වැඩිදියුණු කරනවා ..කැල්සියම් අඩංගු නිසා දත් සහ නිය ශක්තිමත් කරනවා.විටමින් සි වලින් අනුන නිසා සම පැහැපත් කරන අතර ශක්තිමත් කර අකලට සම මහලු වීම අවම කරනවා.අන්න එක තමා කාන්තාවන්ට වටිනාම කාරණය නේද .ඒ වගේම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්නත් අප්රිකොට් උපකාරී වනවා.මුහුණු පොතේ ඔයාලා ගොඩක් වෙලාවට දකිනවා ඇති ගැණුනේ,කෙල්ලොනේ,පව්නෙ..වගේ කාරනා ලියපු විහිලු පෝස්ට්.ඔන්න ඒ අයට රිදෙන්නත් එක්ක අප්‍රිකොට් වැඩිපුර කෑවොත් මොලය වැඩෙයි නේ.😜😜.තවත් කරුණු ගොඩක් තියනවා .පිළිකා අවධානම අවම කරන්නත් ගර්භනී අවදියේ උදැසන ඇතිවන අපහසුතා වළක්වන්නත් අප්රිකොට් උපකාරී වෙනවා .මලබද්දය ඇති යට වඩා සුදුසුයි.
බටහිර ප්‍රකට කියමනක් තියනවා apricots are one of the first signs of summer.කියල .ශිත කාලය නිමකරලා වසන්ත කාලයේ අවසානයත් එක්කම ඒ කියන්නේ ග්‍රීස්ම කාලය ඇරබෙන කොටම ඉදුණු අප්‍රිකොට් ගෙඩි පිරුණු ගස් වලින් හාත්පස කහ පාටින් බැබලෙනවා .ඉක්මනට පැහිලා ඉදිලා යන නිසා මේ ලස්සන
වැඩි දවසක් දකින්න බෑ
අප්‍රිකොට් ජුස් හදන්න හරිම ලේසියි.හොදින් ඉදුනු ගෙඩි පොඩි කැබලි වලට කපලා සීනි සහ අයිස් කැට හෝ වතුර දාලා බ්ලෙන්ඩ් කර පෙරා ගන්න.පහසුයි රසයි.තවත් රස කරගන්න කිරි හෝ අයිස්න්ක්‍රීම් එකතු කරලා ස්මූදි එකක් හෝ මිල්ක් ශේක් එකක් හදාගන්නත් පුලුවන්..

අර්ජුනී උපේක්ඛා රණතුංග ගේ වෙනත් කෑම වට්ටෝරු


අප්‍රිකොට් බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

ABC miracle drink(ආශ්චර්‍යමත් පානය)
අර්ජුනී උපේක්ඛා රණතුංග

ලෙමන් මිශ්‍ර පිපිඤ්ඤා බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

තැම්බුම් හොද්ද
අර්ජුනී උපේක්ඛා රණතුංග
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 690
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 488
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 505
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20322
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17260
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16553
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12547
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'