katatarasata.com

 

 

බැදපු තුන පහ කුඩු

- කාංචනා ජයසේකර විසිණි.



~ බැදපු තුන පහ කුඩු ~

අදත් අරගෙන ආවෙ තුන පහ කුඩු එකක් . මේකත් ගොඩාක් රසවත් . නිධාන කතාවත් කියලම මේකේ රෙසිපි එක දෙන්නම් ඈ..😊

දැනට අවුරුද්දකට විතර කලින් මම සම්භන්ධ වෙලා හිටපු ඉවුම්පිහුම් සමූහයක යෙහෙළියක් මේ තුන පහ වට්ටෝරුව පළ කරලා තිබුණා . මම දෙවතාවක් විතර මේක හැදුවෙ ඇයට ගොඩාක් ස්තූතියි කරලා . මොකද මේ තුන පහ එක ඒ තරම්ම රසවත් නිසා.. හැබැයි කාලයක් යද්දි මගේ අතින් මේ රෙසිපි එක නැති උනා.. පාස් වර්ඩ් එක අමතක වෙලා, මට වෙනත් ෆේස් බුක් ගිණුමක් ආරම්භ කරන්න උන නිසා ඒ සමූහයේ සාමාජිකත්වයත් නැති උනා. ඉතින් කාලයත් එක්ක මට මේක අමතක වෙලා ගියා.
ඒත් ඔන්න අහම්බෙන් වගේ ආයෙමත් මට මේ රෙසිපි එක හම්බුනා. ඒ මගේ යෙහෙළියකගෙ නිවසකට ගිය වෙලාවෙ, ඇය ලඟ තිබුණ ඉන්දියානු සූපවේදිනියක් වූ ශිවහාරි සෙල්ලමුත්තු ( Shivahari Sellamuththu) මහත්මියගෙ " Before it's all forgotten " කියන කෑම වට්ටෝරු පොතේ තිබිලා.. ඉතින් හරිම සතුටුයි . බොහොම ඉක්මනින් පොතක් ගන්නත් හිතාගෙන , ලියා ගත්තා රෙසිපි එක.. අවශ්‍ය කුළුබඩු ටිකත් එන ගමන්ම ගත්තා .. පරක්කු නොවී හැදුවා .😃😃

මේක ගැන නම් කියන්න වචන නෑ.. ඇත්තටම ගොඩාක් රසවත්.. කුකුළු මස් , ඉස්සො , කකුළුවො , ඌරු මස් , මාළු මේ හැම දේකටම ඔට්ටුයි..ඔයාලා හදලම බලන්න . 
මේකෙ තියෙන ප්‍රමාණ මම නම් අඩු කරලා හැදුවෙ. මොකද මේ ප්‍රමාණ අපිට වැඩි නිසා.

අවශ්‍ය ද්‍රව්‍ය :-

* මාදුරු 500 g ( මේ ප්‍රමාණය කොහෙත්ම වැඩි නෑ හොඳේ.. රසය එන්නෙ මේකෙන් )
* කොත්තමල්ලි 150 g
* සූදුරු 100 g
* ගම්මිරිස් 50 g
* එනසාල් 50 g
* කුරුඳු පොතු 50 g
* වියලි මිරිස් 100 g
* උළු හාල් 30 g
* කරාඹුනැටි 50 g
* රම්පෙ කැබැල්ලක් ( සෙ. මි 2.5 විතර දිග )
* කරපිංචා ඉති 2 - 3

සාදන ක්‍රමය :-

* කොත්තමල්ලි , මාදුරු , සූදුරු හා උළු හාල් හොඳින් ගරා සෝදා , වියලා ගන්න .

* දැන් මේ එක් එක් කුළුබඩුව වෙන වෙනම කබලෙ බැද ගන්න . ( කළු වෙනකන් බදින්න එපා. හොඳට සුවඳ හමලා, දුඹුරු පාට වෙනකොට ලිපෙන් ඉවත් කර ගන්න . )

* බැද ගත්ත කුළුබඩු ටික හොඳින් නිවෙන්න තියලා , ග්‍රයින්ඩරයක දාලා කුඩු කර ගන්න .

* හොඳින් වැසිය හැකි බෝතලයක දාලා තියා ගෙන ප්‍රයෝජනයට ගන්න

 

 

කාංචනා ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


අමු පහේ කුඩු
කාංචනා ජයසේකර

බැදපු තුන පහ කුඩු
කාංචනා ජයසේකර

නුටෙලා කප් කේක්
කාංචනා ජයසේකර

චොකලට් කේක් පුඩිමක්
කාංචනා ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1088
දියබත්
By Ishara Sajani Kavinga
Views - 386
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 679
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1156
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1032
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8953
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8652
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8640
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6205
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6180
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'