katatarasata.com

 

 

චිකන් ස්පයිසි බිරියානි

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



##චිකන් ස්පයිසි බිරියානි .. test

කුළුබඩු වර්ග වල රසත් එක්ක කන්න කැමති අයට රසම රස බිරියානි එකක් 😊. 
හදන්නත් හරිම ලේසියි..

##චිකන් ස්පයිසි බිරියානි / Chicken spicy biriyani..

මෙහි ළූනු, තක්කාලි වැනිදේ වැඩිපුර එකතු වීමක් වෙනවා. එයයි කුළුබඩුයි මගින් තමා මෙහි සැර රසය සෑදෙන්නෙ. කැමති අයට තක්කාලි, ළූනු ප්‍රමාණ අඩුකර එක්කර ගත හැක.

අවශ්‍ය ද්‍රව්‍ය -

බාස්මතී 1kg
කුකුල් කකුල් 4
තක්කාලි 600g පමණ ( චොප්කර )
බී ළූනු 600g පමණ ( චොප්කර )
ඉගුරු ( චොප්කර ) මේස හැදි 1
සුදුළූණු ( චොප්කර ) මේස හැදි 1, 1/2 
මිරිස් කුඩු මේස හැදි 3
තුනපහ මේස හැදි 3
කහ කුඩු තේ හැදි 1
ගරම් මසාලා තේ හැදි 1
කුරුදු කෑල්ලක් 
සූදුරු තේ හැදි 1, 1/2
එනසාල් 6
කරාබුනැටි 6
ස්ටාර් ඇනීස් 2 ( අවශ්‍යම නැත )
මී කිරි කෝප්ප 1/2
බටර් ඔයිල් / එළගිතෙල් මේස හැදි 3-4
රෝස එසන්ස් බිංදු 4 පමණ 
කහ වර්ණය බිංදු 1
රතු වර්ණය බිංදු 1, 1/2
කොත්තමල්ලි කොළ අහුරක් 
මිංචි කොළ අහුරක් 

සාදන ක්‍රමය -

1. මුලින්ම හාල් හොදින් සෝදා, විනාඩි 10ක් පමණ පෙගෙන්නට තබා, වතුර බේරාගන්න.
2. දැන් බත් පිසීමට භාජනයක් ලිපතබා ( මමනම් රයිස් කුකර් එකේමයි මේ ටිකත් කරන්නෙ ) එළගිතෙල් එක්කර රත්කර ගන්න.
3. දැන් එයට එනසාල්, කරාබුනැටි එක්කර බැදීගෙන එනවිට කුරුදු, සූදුරු, සුදුළූණු, ඉගුරු එක්කර බැදෙන්නට හරින්න.
4. දැන් එයටම තක්කාලි, කොත්තමල්ලි කොළ, මිංචි කොළ, සියලුම කුළුබඩු හා රසකාරක එක්කර හොදින් මිශ්‍රකර ගන්න.
5. පසුව එයට හාල් එක්කර හොදින් මිශ්‍රකර, මුදවපු කිරි, බත පිසෙන්නට අවශ්‍ය පමණට වතුර හා ලුණු රස අනුව එක්කර ගන්න.
6. කුකුල්මස් අඩු, හාල් එක උඩ අතුරා බත හොදින් පිසගන්න. 
7. පිසගත් බත පිළිගන්වන විට රූපයේ පරිදි කුකුල් අඩු, බත උඩින් අතුරා, කොත්තමල්ලි කොළ, මිංචි කොළ වලින් සරසා පිළිගන්වන්න.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2135
දියබත්
By Ishara Sajani Kavinga
Views - 800
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1251
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2166
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1690
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10741
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10291
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10152
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7152
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7130
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'