katatarasata.com

 

 

ඩාල් රයිස් - Dhal Rice

- කාංචනා ජයසේකර විසිණි.



 ඉන්දියන් ඩාල් රයිස් ~
( ඉන්දියන් පරිප්පු බත් )

මොකද කියන්නෙ.. හැමදාම පරිප්පු හොදි කන එකේ.. අද කමු පරිප්පු බත් ..😊😊

මේ බත් එක හරිම රසයි .. උණුවෙන් නිකන්ම උනත් කන්න පුළුවන් ..

අවශ්‍ය ද්‍රව්‍ය :-

* කීරි සම්බා හාල් 450 g
* පරිප්පු 100 g
* සිහින්ව ලියා ගත් ලොකු බී ළූණු ගෙඩියක් * සිහින්ව අඹරා ගත් ලොකු සුදු ළූණු බික්
හත අටක්.
* කොටු කපා ගත් රතු පාට ලොකු තක්කාලි
ගෙඩියක් .
* කුඩා වියලි මිරිස් කරල් කිහිපයක්
* බේ ලීව්ස් 2 ( නැත්නම් රම්පෙ කරපිංචා )
* තරමක කුරුඳු පොතු කෑල්ලක්
* අබ තේ හැඳි 1 /2
* කහ කුඩු තේ හැඳි කාලක්
* ගරම් මසාලා පවුඩර් / බිරියානි මසාලා
පවුඩර් හෝ සාම්බාරු පවුඩර් පුරවලා
තේ හැඳි 2
* චිකන් ස්ටොක් කෝප්පයක් .
* ගී හෝ බටර් මේස හැඳි 3
* කජු හා ප්ලම්ස් ටිකක්
* කපා ගත් කොත්තමල්ලි කොල මිටක්
* රස අනුව ලුණු

සාදන ක්‍රමය :-

* හාල් සහ පරිප්පු වෙන වෙනම සෝදා හොඳින් වතුර බේරෙන්න තබන්න .

* බාජනයකට ගී හෝ බටර් දමා අඩු ගින්දරේ රත් කර අබ දමන්න .. අබ පුපුරන විට වියලි මිරිස් කරල්, බේ ලීව්ස් , කරපිංචා , රම්පෙ හා කුරුඳු පොතු දමා හොඳින් තෙම්පරාදු කරන්න .

* දැන් අඹරා ගත් සුදු ළූණු හා සිහින්ව ලියා ගත් බී ළූණු දමා බදින්න . අවසානයට කොටු කපා ගත් තක්කාලි එකතු කර හොඳින් තෙම්පරාදු කරන්න .

* තෙම්පරාදුවෙන් හොඳින් සුවඳ හමන විට දිය බේරා ගත් පරිප්පු හා හාල් එකතු කර හොඳින් උඩ යට පෙරලමින් ටික වෙලාවක් හාල් සහ පරිප්පු බැදෙන්නට හරින්න .දැන් ගරම් මසාලා පවුඩර් , බිරියානි මසාලා පවුඩර් හෝ සාම්බාරු පවුඩර් හා කහ කුඩු එකතු කරන්න . හොඳින් කලවම් කරන්න .
( මම අද දැම්මෙ බිරියානි මසාලා පවුඩර් .. ඔයාලට මේ වර්ග තුනෙන් ඕනම ජාතියක් පාවිච්චි කරන්න පුළුවන් )

* දැන් අවශ්‍ය තරමක් ලුණු එකතු කර චිකන් ස්ටොක් කෝප්පයද එකතු කරන්න .
( නිර්මාංශ කෙනෙක් හෝ චිකන් නොකන කෙනෙක් නම් චිකන් ස්ටොක් නොදා හදන්න)

* බත ඉදෙන්නට තරම් වතුර දැන් මෙයට එකතු කර, සාමාන්‍ය විදියට බත උයා ගන්න .( ගෑස් ලිපක තෙම්පරාදුව හදාගෙන රයිස් කුකර් එකේ උයා ගන්නත් පුළුවන් )

* වෙනත් බාජනයකට ගී හෝ බටර් තේ හැඳි දෙකක් පමණ දමා රත් කර කජු හා ප්ලම්ස් මදක් බැද .. කපා ගත් කොත්තමල්ලි කොල ටිකක් සමඟ ඉදුණු බත් උඩින් ඉස උණුසුම්ව පිළිගන්වන්න . ( කජු ටිකක් වැඩිපුර දාන්න .. රසයි . කොත්තමල්ලි කොලත් තියෙනවා නම් හොඳයි . මගේ ඒවා නම් අද ඉවර වෙලා 😕😕)

🔸මේ බත් එක කන්න හොඳ ග්‍රේවි ගතියට හදා ගත්තු චිකන් හෝ මාළු කරියක් හොඳටෝම ඇති.. කැමති නම් අල ගම්මිරිස් බැදුමක් , සැලඩ් එකක් උනත් හදා ගන්න පුළුවන් .

🔸 ඒ වගේම මේ බත් එකට අනිවාර්යයෙන්ම සම්බා හාලක්ම ගන්න . කැකුළු හාල් වගේ ගන්න එපා.. පරිප්පු දාන නිසා, බෙරි වෙන්න පුළුවන් ..

🔸 ඉන්දියන් අය මේ බත් එකට සියඹලත් දානවා.. මම නම් දැම්මෙ නෑ..ඒ ඇඹුල් රසට මම කැමති නැති නිසා.. කැමති නම් ඔයාලා දාන්න ..

කාංචනා ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


දෙමල පොලොස් අච්චාරු
කාංචනා ජයසේකර

තෙම්පරාදු කොස්
කාංචනා ජයසේකර

කිරි කොස්
කාංචනා ජයසේකර

කේරල ගෝවා මැල්ලුම
කාංචනා ජයසේකර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 14
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 15
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 15
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18058
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15246
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14604
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11114
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'