කොකනට් රයිස් - Coconut Rice
- ශෂියා ශෂී විසිණි.
🍚සවුත් ඉන්දියන් කොකනට් රයිස් 🍚
අවශ්‍ය ද්‍රව්‍ය
*බෙරි නොකර උයාගත්තු බත් කෝප්ප 2
*උකු පොල් කිරි කොප්ප 1
*සුදුළූණු බික් 3
*ලොකු ළූණු ගෙඩියක්
*වියළි මිරිස් කරල් 3
*කරපිංචා ඉති 3
*අබ ඇට ටිකක්
*සූදුරු ඇට ටිකක්
*පිරිසිදු පොල් තෙල්
*කහ කුඩු
*රස අනුව ලුනු
සාදන ක්‍රමය ..
භාජනයක් ලිපෙ තියලා පොල් තෙල් ටිකක් දමා රත් කරගන්න .තෙල් රත් වු පසු අබ සූදුරු දමා බැදගන්න එයට වියළි මිරිස් ළූනු ,සුදුළූණු දමා රන්වන් පාටට බැදිගෙන එනකොට කරපිංචා දාන්න ..එයට කහ ,ලුනු දාන්න ..උයාගත්ත බත් කෝප්ප දෙකක් දාලා හොදින් කලවම් කර එයට උකු පොල් කිරි දමා විනාඩි 3-4 උයාගන්න ....බත් එක උයනකොට කහ දැම්මානම් තෙම්පරාදු කරන කොට දාන්න එපා....මෙ රයිස් එක හොදින් තෙත ගතිය තියෙන නිසා එක කරියක් තිබ්බත් ඇති ....
*බොම්බේ පොටැටෝ කරි*
අවශ්‍ය ද්‍රව්‍ය
* තම්බා ගත් බේබි පොටැටෝ (ලොකු අල නම් කපලා ගන්න )
*ගී ස්වල්පයක්
*තෙල් ස්වල්පයක්
*වියළි මිරිස් කරල් දෙකක්
*ඉගුරු කෑල්ලක්
*තුනපහ කුඩු හැන්දක්
*මිරිස් කුඩු හැන්දක්
*කහ කුඩු ස්වල්පයක්
*අබ ස්වල්පයක්
*සූදුරු ඇට ස්වල්පයක්
*කරපිංචා ඉති දෙකක් විතර
*රස අනුව ලුනු ...
*චොප් කරගත් කොත්තමල්ලි කොල ටිකක්
සාදන ක්‍රමය
* රත් වු භාජනයකට ගිතෙල් සහ තෙල් දමා රත් වු පසු එයට අබ ,සූදුරු හා.පොඩියට කපාගත් ඉගුරු ,වියලි මිරිස් කරපිංචා දමන්න .එයටම මිරිස් ,තුනපහ ,කහකුඩු ටිකක් දමා ලුනු දමා අල ටික එකතු කරන්න ...තෙම්පරාදුව හොදින් අල ගෑවෙන විදියට කලවම් කරලා උඩින් කොත්තමල්ලි කොල ටික දමා කලවම් කරන්න ....ගොඩාක් රසායි ...
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18055 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14601 |
![]() By Chathurani Priyangika Views - 11111 |