පොල් මිශ්ර බත් - Coconut mixed rice
- කව්ෂි මේඝවර්ණ ධර්මපාල විසිණි.
පොල් මිශ්ර බත් - Coconut mixed rice
බෙරි නොකර උයා ගත් බත් කෝප්ප 2
බටර් තේ හැදි 2
පොල් කෝප්ප 1/2
වියලි මිරිස් කරල් 2,3
අබ තේ හැදි 1
තල ඇට තේ හැදි 2
කජු කෝප්ප 1/2
සූදුරැ තේ හැදි 1/2
කරපිංචා කොල ටිකක්
මුලින්ම බත් බෙරි නොකර උයා ගන්න( බත උයනකොට තෙල් චුට්ටක් දමා ගන්න. එතකොට බත්ඇට වෙන් වෙන්ව තියෙනවා)පසුව භාජනයක් ලිප තබා බටර් ටික දමා රත් වු පසු එයට අබ, සුදුරැ දමා ගන්න.එයටම මිරිස් කරල් ද කඩා දමන්න. පසුව එයට කජු , තල , කරපිංචා එකතු කර බැදෙන්නට තියන්න.පසුව එයට පොල් එකතු කර හොදින් මිශ්ර කරන්න.(අඩු ගින්දරේ)රන් පැහැයට එන තෙක්. කැමති නම් කහ චුට්ටක් දමා ගන්නත් පුලුවන්.අන්තිමට බත් එකතු කර හොදින් මිශ්ර කර ගන්න.හොද සුවදක් වගේම රසයි.
මම මේ බත් කන්න රෝස්ට්චිකන් ,අල තම්බල තෙල් දාලා, ගෝවා කැරට් මිශ්ර සලාදයක් හැදුවා. කමුද කට්ටියම?
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18057 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14603 |
![]() By Chathurani Priyangika Views - 11114 |