මක්ලූබා රයිස් - Maqlooba rice
- කාංචනා ජයසේකර විසිණි.
මක්ලූබා , මැක්ලුබා , මක්ලුබේද් වගේ විවිධ නම්වලින් හඳුන්වන මේ බත් එක අරාබි අයගෙ ආහාර වර්ගයක් ..
ඒ රටවල්වල ඉන්න අපේ අය මේ බත් වර්ගය ගැන දන්නවා ඇති ..
ඒ රටවල්වල අය මේ බත් එක ගොඩක් වෙලාවට හදන්නෙ හරක් මස් , කුකුළු මස් වගේ මස් වර්ග දාලා ..එයාලගෙ විශේෂ කුළුබඩු වර්ග පාවිච්චි කරලා ..
ඒ වගේම එකම බත් එක, එක එක අරාබි රටවල්වල හදන්නෙ විවිධ විදියට ..
එහෙනම් බලමු මම හැදුව විදිය ..මම හැදුවෙ අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් කුළුබඩු දාලා අපේ රසට . ..
මස් එකතු කරලා වගේම එළවළු විතරක් එකතු කරලත් මේ බත් එක හදන්න පුළුවන් . ඒ ක්‍රම දෙකම මම පහලින් ලියලා තියෙන්නෙ..
අවශ්‍ය ද්‍රව්‍ය :-
* බාස්මතී හාල් කිලෝ එකක්
* කටු රහිත කුකුළු මස් 750 g - 800 g
( කැමති නම් හරක් මස් ගන්නත් පුළුවන් )
* එග් ප්ලාන්ට් ලොකු ගෙඩි 2
* ලොකු අල ගෙඩි 2
* ලොකු බී ළූණු ගෙඩි 2
* රතු පාට ලොකු තක්කාලි ගෙඩි 2
* ලොකු බෙල් පෙපර් 1
* අඹරා ගත් ඉඟුරු සුදු ළූණු මේස හැඳි 1
* අඟල් බාගයක කුරුඳු පොත්තක්
* ගම්මිරිස් කුඩු තේ හැඳි 1 / 2
* කහ කුඩු තේ හැඳි 1 / 2
* ගරම් මසාලා කුඩු මේස හැඳි 1
* බේ කොලයක්
* එකට දමා කුඩු කර ගත් එනසාල් කරල්
හතරක් හා කරාඹුනැටි දෙකක්
* එළවළු තෙල් කෝප්ප කාලක්
* රස අනුව ලුණු
සාදන ක්‍රමය :-
* මස් ටික හොඳින් සෝදා , එයට ලුණු , කහ ස්වල්පයක් , ගම්මිරිස් කුඩු , එන්සාල් කරාඹුනැටි කුඩු , අඹරා ගත් ඉඟුරු සුදු ළූණු හා කුරුඳු පොතු දමා වතුර කෝප්ප 3 ක් පමණ එකතු කර උඩින් වසා, මස් ටික මෘදු වන තුරු තම්බා ගෙන වතුර පෙරා ගන්න ..මස් ටික වෙනමත් චිකන් ස්ටොක් ටික වෙනමත් තබා ගන්න ..
* හාල් හොඳින් සෝදා පැය බාගයක් පමණ පෙඟෙන්නට තබන්න ..
* අලවල හා බී ළූණුවල පොතු ඉවත් කරන්න ..දැන් අල , බී ළූණු , එග් ප්ලාන්ට් හා තක්කාලි ගෙන තරමක් මහතට රවුම් කපා ගන්න ..බෙල් පෙපර්වල ඇට හා නාරටි ඉවත් කර තරමක් ලොකු කෑලි කපා ගන්න ..ඒවා වෙන වෙනම පිඟානක් මත තබා ලුණු හා කහ ඉතාමත් ස්වල්පයක් තවරා ගන්න ..
* පැතලි නන්ස්ටික් පෑන් එකක් ලිපේ තබා තෙල් කෝප්ප කාල දමන්න .. මද ගින්දරේ රත් කරන්න .. තෙල් රත් වන විට මුලින්ම අල පෙති ටික තෙල් මත අතුරා , යන්තම් දුඹුරු පාට වන තෙක් දෙපැත්ත පෙරලමින් බැද ඉවතට ගන්න .. ඉන් පසුව එග් ප්ලාන්ට් , බී ළූණු , බෙල් පෙපර් හා තක්කාලි ආදී වශයෙන් පිළිවෙලින් වෙන වෙනම ඉහත ආකාරයටම යන්තම් බැද ඉවතට ගන්න ..
* දැන් තෙල් මදි නම් තව තෙල් ස්වල්පයක් පෑන් එකට දමා මුලින් තම්බා ගත් මස් ටික එයට දමන්න .. මස් ටිකත් දුඹුරු පාට වන තෙක් දෙපැත්ත පෙරලමින් බැද ගන්න ..
* බත් එක උයන බාජනය ගන්න .. දැන් එහි අඩිය මත මුලින් බැද ගත් එළවළු ටික මාරුවෙන් මාරුවට පිළිවෙලට අතුර ගන්න ..දැන් ඒ මත බැද ගත් මස් ටික, (එහි ඉතුරු වී ඇති තෙලුත් සමඟ ) අතුර ගන්න ..
* දැන් හාල් ටික ගෙන එහි වතුර පෙරා, එයට කහ , ගරම් මසාලා හා බේ කොලය දමා හොඳින් මිශ්‍ර කරන්න ..එසේ මිශ්‍ර කර ගත් හාල් ටික දැන් පරිස්සමෙන් අතුරා ගත් එළවළු හා මස් ටික උඩින් දමන්න .. හොඳින් ලෙවල් කරන්න ..
* මස් තැම්බූ වතුර ටික ගෙන පෙරා ගන්න .. දැන් ඒ වතුර ටික ගෙන පරිස්සමෙන් හාල් ටික උඩින් දමන්න .. ( බත් එක තැම්බීමට අවශ්‍ය තරමට දාන්න .. චිකන් ස්ටොක් වැඩි නම් අඩු කරලා දාන්න .. මදි නම් වතුර ටිකක් එකතු කරන්න )
* දැන් සාමාන්‍ය විදියට බත් එක උයා ගන්න..ගෑස් කුකර් එකේ හෝ රයිස් කුකර් එකේ.. (මම නම් හදන්නෙ රයිස් කුකර් එකේ.. ඒක ගොඩාක් ලේසි නිසා)
* බත් එක හොඳින් ඉදුණු පසුව පැය කාලක් පමණ එසේම තියෙන්නට හැර , ලොකු පිඟානකට හරවා ගන්න .. ( බත් එක ඉදුණට පස්සෙ කූරු ගාන්න එපා.. ඒ වගේම මේක අනිත් පැත්ත හරව ගන්න පරිස්සමට..ලොකු රවුම් ට්‍රේ එකක් ගන්න පුළුවන් නම් හොඳයි ..)
* කැමති සැලඩ් එකක් එක්ක උණුසුම්ව කෑමට ගන්න ..
❤️ මස් නැතුව මේ බත් එක උයා ගන්නවා නම් මුලින් විදිහටම බැද ගත්තු එළවළු ටික බාජනයෙ අතුරන්න ..හාල්වල වතුර පෙරලා , ඒකට කහ කුඩු , ගරම් මසාලා කුඩු , එළවළු සුප් කැටයක් හෝ චිකන් සුප් කැටයක් , ලුණු ටිකක් එහෙම දාලා හොඳට කලවම් කරලා ඊට උඩින් දාන්න ..
❤️ දැන් පරිස්සමට අවශ්‍ය තරම් වතුර එකතු කරලා බත් එක උයා ගන්න ..
❤️ මුලින් වගේම බත් එක නිවෙන්න ඇරලා අනිත් පැත්ත හරව ගන්න ..
❤️ චිලී පේස්ට් ..සැලඩ් වගේ දෙයක් එක්ක උණුසුම්ව කෑමට ගන්න ..
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18055 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14601 |
![]() By Chathurani Priyangika Views - 11111 |