කන්කුන් ඉස්සෝ මික්ස් රයිස් - Kangkung and Prawn Rice
- චන්දික ආරියසිංහ විසිණි.
කන්කුන් ඉස්සෝ මික්ස් රයිස්
වෙනත් සමූහයක සොයුරිය කගෙ රෙසිපිය ට හැදුවේ .කමුද .රසට තියෙනවා
මමහැදුවේ මෙහෙම යි
බෙරි නොවෙන්න උයාගත් බාස්මතී බත් කප් දෙකක්
සුද්ද කරගත් ඉස්සෝ ගෑම් 250
පොඩියට කෑපු තක්කාලි ගෙඩි දෙකක්
හීනියට කපාගත් ලොකුලූනු ගෙඩියක්
තලගත් ඉගුරු සුදුලූනූ පේසට් ටිකක්
ගම්මිරිස් කුඩු.සැර අනුව
චිලි පේස්ට් මේස හැදි දෙකක්
සෝයාසෝස් චුට්ටක්
ලුනු කුඩු
ඉස්සර වෙල ඉස්සෝ ටික බැදල ගන්න
පස්සේ බාජනයකට තෙල් චුට්ටක් දාල රත් වෙනකොට ඉගුරු සුදුලූනූ ටික දාලා රන්වන් පාටවෙනකන් බැදගන්න.
පස්සේ ලූනූ.තක්කාලි දාලා තෙම්පරාදු කරන්න.ඒකටම කන්කුන් ටිකත් දාන්න .හොදින් බැදුනට පස්සේ ගම්මිරිස් කුඩු ,චිලී පේස්ට් සෝයා සෝයා එකතු කටලා විනාඩි තුනක් විතර තියලා බත් ටික එකතුකරල හොදින් කලවම් කරන්න .අන්තිමට බැදගත් ඉස්සෝ ටික කලවම් කර ගන්න.රසය වැඩිකරගන්න ඕනි නම් ස්ටොක් පව්ඩර් ටිකක් එක් කරගන්න.
දැන් ඉතිං බෙදාගෙන කන්න තමයි තියෙන්නේ
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18058 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14603 |
![]() By Chathurani Priyangika Views - 11114 |