කංකුන් රයිස් - Kangkung Rice
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
කංකුන් රයිස් / Kangkung rice ..
කවුද කැමති අද මම හදපු රයිස් කන්න. මම මේක හදන්නෙනම් කහබත් එකෙන්. මම ආස එහෙමයි. අපේ ගෙදර හැමෝමත් ආස මෙහෙමයි. කැමති අය කමු එහෙනම් 😃
මම හදන විදියට,
##කංකුන් රයිස් / Kangkung rice ..
අවශ්‍ය ද්‍රව්‍ය -
* කහබත් සදහා ,
හාල් - බාස්මතී / සම්බා / දිග ඇට සහිත හාල්
පොල්කිරි
කහ
ලුණු
රම්පා
කරපිංචා
එනසාල් 1-2
කරාබුනැටි 1-2 ( ලොකු ඒවගෙන් ගන්න අයින් කරන්න ලේසියි )
* රයිස් එකට,
කංකුන්
සුදුළූණු පේස්ට්
ඉගුරු පේස්ට්
ළූනු - චොප්කර
චිලි පේස්ට් රස අනුව
ෆිෂ් සෝස් රස අනුව
සෝයා සෝස් රස අනුව
තක්කාලි සෝස් රස අනුව
බටර් හෝ මාගරින් ( තෙල් වලට වඩා රසයක් ලැබේ )
සාදන ක්‍රමය -
** කහ බත,
1. හාල් සෝදා, එයට සාමාන්‍ය වතුර තියනවාට වඩා ටිකාක් වැඩිපුර පොල්කිරි දමා, එයට අනෙක් ද්‍රව්‍යයත් එක්කර පිසගන්න.
* පොල්කිරි එකතු කරන විට මිටිකිරි වැඩිපුර එක්කර ගත හැක. එවිට සමහරුන්ට මත් ගතියක් එනවා. එසේ නොවේනම් මිටිකිරි වැඩිපුර දමා පිසගන්න.
* නැත්නම් සමානව මිටිකිරි හා දියකිරි එක්කර පිසගන්න.
* සාමාන්‍ය වතුර ප්‍රමාණයට වඩා සෑම විටම පොල්කිරි ස්වල්පයක් වැඩිපුර අවශ්‍ය වෙනවා හාලක් ගානට පිසෙන්නට.
* පොල්කිරි අකමැති අය වතුරෙන් පිසගන්න. අපේ ගෙදර අය කැමති පොල්කිරි වලින් හදලා.
* හොදින් ඇට වෙන්වන ලෙස බත පිසගන්න. රයිස් එකක් සෝස් වල බැදෙනකොට රසය වැඩිපුර එක් වෙන්න බෙරි නොවූ, ඇට වෙන්වූ හොදින් පිසූ බත් ගොඩක් වැදගත් වෙනවා.
* මෙහිදී ලුණු වැඩිකර ගන්න එපා. යාන්තමට අඩු වුනාට කමක් නෑ රයිස් එකට සෝස් වලිනුත් ලුණු රස එනනිසා.
2. හොදින් පිසගත් බත් එකේ කැට කඩා, එනසාල්, කරාබුනැටි, රම්පා, කරපිංචා ඉවත්කර ගන්න.
** රයිස් එක,
1. මුලින්ම බටර් හෝ මාගරින් ටිකක් රත්කර, ඉගුරු සුදුළූණු පේස්ට් දමා බැදගන්න.
2. ඉගුරු සුදුළූණු වල සුවද එනවිට එයට ළූනු එක්කර බැදගන්න. වර්ණය අවර්ණ වුනාම ඇති.
ඉගුරු සුදුළූණු කරකර ගන්න එපා. එවිට ඒවගෙන් කර රසයක් එනවා..
3. දැන් එයට රස අනුව චිලි පේස්ට්, සෝයා සෝස්, ෆිෂ් සෝස්, තක්කාලි සෝස් ( ගොඩක් එපා. ටිකක් රස දැනෙන්න ඇති ) දමා හොදින් මිශ්‍රකර ගන්න.
4. දැන් කංකුන් එයට එක්කර හොදින් මිශ්‍රකර පිසගන්න. කංකුන් මැලවෙන්නට.
* කංකුන් මමනම් තරමක් දිගටි ඉති ලෙසම ගන්නවා. එහෙම අකමැති අයට පුළුවන් තරමක් දිගට හෝ පොඩියට කෑලි ලෙස කඩාගන්න හෝ කපාගන්න.
5. කංකුන් ටික මැලවුන විට එයට බත් එක්කර ගන්න. එය හොදින් මිශ්‍රකර ගන්න. සෝස් වල ටිකක් බැදෙන්නට හරින්න.
6. මේ අතර සෝස් හා ලුණු රසබලා අවශ්‍ය ලෙස එක්කර ගන්න.
7. ලිපෙන් ඉවත්කර ගන්න.
#මම මේ බතට එක එක දවසට,
* බිත්තර ස්ක්‍රැම්බල් කර හෝ ඔම්ලට් කුඩාවටම කඩා එක්කරනවා.
* ඉස්සො බැදලා එක්කරනවා.
* මාළු හෝ චිකන් කුඩාවට කපා බැදලා එක්කරනවා.
* රෝස්ට් කජු / රටකජු එක්කරනවා. ආමන්ඩ් පෙතිත් දාන්න පුළුවන් කැමති අයට.
ඔය විදියට තමා මං වෙනස්කම් කරගන්නෙ ගෙදර තියෙන දේවල් බලලා එක එක දවසට. මේ දේවල් ගානිශ් එකක් විදියට තමා එක් වෙන්නෙ බිත්තර හැර. බිත්තර මිශ්‍රකර ගන්නවා අවසානයේ ගානිශ් එකටත් තියාගෙන ටිකක්..
ඔයාලත් හදලා බලන්නකෝ තවත් අලුත් දේවල් කරලා මේ රයිස් එක
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18055 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14601 |
![]() By Chathurani Priyangika Views - 11113 |