katatarasata.com

 

 

පයිනැපල් චිකන් බිරියානි - Pineapple Chicken Buriyani

- කව්ෂි මේඝවර්ණ ධර්මපාල විසිණි.



Pineapple Chicken Buriyani

ඔන්න රෙසිපිය....

මුලින්ම චිකන් එක හදාගමු....

හම ඉවත් කරගත් චිකන් ග්500

අඹරා ගත් ඉගුරැ සුදුළුණු

අමු මිරිස් කරල් 2,3

ලොකු ළුණු ගෙඩියක්

කුඩාවට කපා ගත් තක්කාලි ගෙඩියක්

කහ කුඩු තේහැදි 1/4

ගරම් මසාලා කුඩු තේ හැදි 1

මිරිස් කුඩු තේ හැදි 2

කොත්තමල්ලි කුඩු තේ හැදි 2

රස පදමට ලුනු

කොත්තමල්ලි කොල ටිකක්

භාජනයක් ලිප තබා එයට තෙල්/ ගිතෙල් මේස හැදි 3 විතර දා ගන්න.

තෙල් රත්වන විට ළුණු, ඉගුරැ සුදුළුණු, අමු මිරිස් දමා ගන්න. එය හොදින් බැදුන් පසු එයට කහ , කොත්තමල්ලි කුඩු දාගෙන කලවම් කරන්න. පසුව මිරිස් කුඩු ද එකතු කරන්න.(මද ගින්දරේ) එයටම කුඩාවට කපා ගත් තක්කාලි එකතු කොට වතුර කෝප්ප 1/4 පමන දමා මිශ්‍ර කර ගෙන විනාඩි 3 ක් පමන පියනකින් වසා තබන්න. පසුව එයට චිකන් , ගරම් මසාලා , ලුනු , කොත්තමල්ලි කොළ,එකතු කොට හොදින් කලවම් කරන්න.පසුව භාජනය වසා මද ගින්දරේ විනාඩි 10- 15 ක් පිස ගන්න.උකු ගතියට එන තුරැ.....

බත් එක සදහා......

භාජනයකට වතුර ලිප තබා එයට සූදුරැ තේ හැදි 1/2, බේ ලීෆ් කොලයක්, කුරැදු පොතු කෑල්ලක්, අමු මිරිස් කරල් 2 ක් ( දෙකට පලා), කරාඹු නැටි 2, එනසාල් 2, ලුනු ටිකක්, ගිතෙල් හෝ බටර් හැදි 2 ක් දමා ගන්න. වතුර උතුරන විට හාල් දමා ගෙන බත පිස ගන්න.(බත් ඇට වෙන් වන ලෙස)

ඒ අතරතුර කජු ,ලොකු ළුණු ගෙඩියක් ගෙන කුඩාවට කපා බැද ගන්න.

අන්නාසි කුඩා කැබලිවලට කපා ගන්න.එය බටර් ටිකකින් තෙම්පරාදු කර ගන්න.

පිස ගත් බතට කහ පාට කලරින් ටිකක් උඩින් දමා ගෙන , බැදගත් ළුණු, කජු , බටර් මිශ්‍ර අන්නාසි කැබලි , කොත්තමල්ලි කොල දමා හොදින් මිශ්‍ර කර ගන්න.

පසුව පොඩි පිගානක් ගෙන එයට මුලින්ම බත් දමා , පසුව චිකන් දමා එයට උඩින් නැවත බත් දමා හොදින් හැන්දකින් තද කර ගෙන පිගානක් මත තබා අනෙක් පැත්ත හරවන්න.

තමන් කැමති ලෙස අලංකාර කර ගන්න...

මිංචි සම්බෝලය, අන්නාසි , තම්බා ගත් බිත්තරයක් සමග රස බලන්න..

කව්ෂි මේඝවර්ණ ධර්මපාල ගේ වෙනත් කෑම වට්ටෝරු


පයිනැපල් චිකන් බිරියානි
කව්ෂි මේඝවර්ණ ධර්මපාල

පොල් මිශ්‍ර බත්
කව්ෂි මේඝවර්ණ ධර්මපාල

චොකලට් කේක් විත් ගනාචේ
කව්ෂි මේඝවර්ණ ධර්මපාල

ඩෝනට්
කව්ෂි මේඝවර්ණ ධර්මපාල
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'