katatarasata.com

 

 

හයිද්‍රාබාද් ස්ට්යිල් බිරියානි - Haidrabadi biriyani

- හෂිතා වීරසිංහ විසිණි.



අවශ්ය දේ

කුකුල් මස්

තෙල් අවශ්ය පමන

මිරිස් කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

තුනපහ ස්වල්පයක්

ඉගුරු, සුදු ළූනු පේස්ට් අවශ්ය පමන

ගැඹුරු තෙලේ බැදගත් ළූනු සහ බැදගත් කජු

බැදගත් සූදුරු ස්වල්පයක්

එනසාල් ඇට කිපයක්

කරඳමුන්ගු ,කරාඹු නැටි කිපයක්

යෝගට්

මින්චි කොළ ටිකක්

ලෙමන් යුෂ කැමතිනම්

ලුනු

කහ කුඩු ස්වල්පයක්

කොත්තමල්ලි කුඩු ස්වල්පයක්

කොත්තමල්ලි කොළ(මන් ගාව කොත්තමල්ලි කොල තිබ්බේ නෑ. tongue emoticon )

Star Anise (මන් ගාව තිබ්බේ නෑ tongue emoticon )

බේ ලීෆ් කිහිපයක්

safron

පළමුව චිකන් එක අරගෙන (මන් ගත්තේ කපපු චිකන්) එයට මිරිස්,තුනපහ,ගම්මිරිස් කුඩු,කහ,ඉඟුරු සුදු ළුෑනු,සූදුරු.ලුනු,යෝගට්,බේ ලීෆ්,කුරුඳු,ලෙමන් යුෂ,කොත්තමල්ලි කුඩු,මින්චි කොළ ටිකක්,කොත්තමල්ලි කොළ,Star Anise,බේ ලීෆ් කිහිපයක් එකතුකර හොදින් කලවම් කරගන්න.වතුර ටිකකුත් එක කර(season කරගන්න)පැය බාගයක් පමණ මෙම කුකුල් මස් මිශ්‍රණය පදම් වෙන්නට තබා පිසගන්න.

කුකුල් මස් එක පිසෙන අතර බත් එක උයාගන්න ඕනා. හැබැයි මේ බත් එක උයාගන්නේ ටිකක් වෙනස් විදිහට.මුලින්ම බත් එක පිස ගන්න වතුර ටික ලිපේ තබා රත් කරගන්නහාල් ඇට වෙන් වෙන්ව පිසගන්න ඕනා නිසා වතුර ටිකට තෙල්/බටර්/ගිතෙල් ස්වල්පයක් සහ ලුනු ටිකක් එක් කරන්න.(ලුනු ගොඩක් නෙමෙ ටිකක්)එයට හාල්,safron ටිකද දමා එක් කරගෙන 50% ක් වනසේ උයාගන්න.50% වනසේ පිසුනු පසු බත් එකේ ඉතිරි වතුර ටික පෙරා ගන්න.පසුව පිසගත් බත් ටික කලින් උයාගත් මස් ටික උඩින් අතුරන්න.අතුරාගත් බත් වලට උඩින් ගැඹුරැ තෙලේ බැදගත් ළූනු සහ කජු වලින් බාගයක් පමන අතුරගන්න(කැමතිනම් ඔක්කොම ටික අතුරගන්න )

දැන් හොඳින් වැසෙන සේ පිරිසිදු රෙදි කෑල්ලකින් හෝ ෆොයිල් පේපර් එකකින් වසා පසුව එයට බර සිටින සේ පියනකින් වසා බත් එක බෙරි නොවන සේ උයාගන්න.ගින්දර වැඩිකරගන්න යන්න එපා අඩිය අල්ලන්න සහ බත් එක බෙරි වෙන්න පුලුවන්.මගෙ ලිපා කරන්ට් එකෙන් උයන නිසා Medium දාලා තමා උයාගත්තේ.අවසානයේදී ඉතිරි බැදගත් ළූනු සහ කජු අතුරගන්න.

කැමති විදිහට සරසලා මේසෙට පිලිගන්වන්න පුලුවන්.මට මින්චි සම්බෝලේ හදාගන්න පොල් තිබ්බේ නැති නිසා මන් ඒ වෙනුවට උම්බලකඩ සම්බෝල,බිත්තර,සහ ONION RINGS හදාගත්තා

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


පැණි වලලු
හෂිතා වීරසිංහ

චිකන් පයි
හෂිතා වීරසිංහ

නිව්යෝක් ස්ටයිල් චීස් කේක්
හෂිතා වීරසිංහ

පාන් පුඩින්
හෂිතා වීරසිංහ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'