චිකන් කරි - Chicken curry
- පියුමි තුෂාරි විසිණි.
චිකන් ටික හොඳට සෝදලා ඒකට බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, රස අනුව ලුණු, සියඹලා චුට්ටක් එකතු කරලා හොඳට කලවම් කරලා පැත්තකින් තියන්න ..
තෙල් චුට්ටක් ලිපේ තියලා රත් වෙනකොට තලාගත්තු ඉඟුරු සුදු ලූනු එකතු කරලා කලවම් කරන්න ..
සුදු ලූනු වල අමු සුවඳ නැති වුනාම හීනියට කපා ගත්තු ලොකු ලූනු, අමු මිරිස්, රම්පෙ කරපිංච එකතු කරන්න..
ඒකටම කුරුඳු පොතු කෑල්ලක්, කරඳමුංගු, කරාබු නැටි ( තියෙනවා නම් සේර කෑල්ලක් එකතු කරන්න ..)
ලූනු ටික රෝස පාට වෙනකොට චිකන් ටික එකතු කරන්න ..
හොඳින් කලවම් කරන්න....
ටික වෙලාවකින් මිරිසට ඕනෙ නම් වතුර ටිකක් එකතු කරන්න..
කිරට ඕනෙ නම් පොල්කිරි එකතු කරන්න .
පොඩියට කපා ගත්තු තක්කාලි ටිකක් එකතු කරන්න..
ලිපේ ගින්දර අඩු කරලා උයා ගන්න ..
අවශ්‍ය ප්‍රමානයට හින්දවා ගන්න..
ලිපෙන් අයින් කරන්න කලින් තලා ගත්තු ගම්මිරිස් චුට්ටක් එකතු කරන්න ..
( මිරිස් බදින්නත් වෙලාව මදි නම් ලූනු මිරිස් පහේ බදින වෙලාවෙම මිරිස් කුඩු ටිකත් ඒකට එකතු කරලා බැදෙන්න හරින්න
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |