චිකන් කරිය - Chicken curry
- ධනාෂා තරනි විසිණි.
අවශ්‍ය ද්‍රවය:-
කැමති ප්‍රමාණයට කපාගත් කුකුල් මස්
පොඩියට කපාගත් ඉගුරැ, සුදුළූනු
කපාගත් ළූනු
සියඹලයුෂ ස්වල්පයක්
රම්ප, කරපිංචා, සේර, කුරැදු, එන්සාල්
කපාගත් අමු මිරිස්
අබ ස්වල්පයක්
ලුනු, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු
තෙල් ස්වල්පයක්
(මෙහි ප්‍රමාණයන් සදහන් කරන්නෙ නෑ. තමන්ගෙ රස, සැර සහ පාට අනුව ප්‍රමාණයන් ගන්න)
අබ, තෙල්, සියඹලා යුෂ ඇරෙන්න අනිත් සියල්ල මස් එකට දමන්න
හොදින් පහේ සියල්ල මස් සමග කලවම් කර ගන්න
බාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමන්න
තෙල් ටික රත් වන විට එයට අබ එක් කරන්න
අබ රත් වූ විට කලවම් කරගත් මස් එක් කරන්න
හොදින් මස් කෑලිවල තෙල් ගෑවෙන් පරිදි කලවම් කරගන්න
බාජනය වසා තෙලෙන් මස් ටික වේලාවක් තැම්බෙන්න දෙන්න
ටික වේලාවක් තැම්බුන මස් වලට සියඹලා ඉස්ම දමා හොදින් කලවම් කර ටික වේලාවක් තබන්න
එසේ ටික වේලාවක් තැබූ මස් වලට වතුර ස්වල්පයක් දමා පියන ඇර මදගින්නේ හොදි අවශ්‍ය ප්‍රමාණයට එන තුරැ උයා ගන්න.
මද ගින්නේ වැඩි වේලාවක් හිමීට උයා ගැනීමෙන් මේ ආකාරයේ කලු පැහැති මෙලෙක් මස් ව්‍යංජනයක් ලබාගන්න පුළුවන් (තව තමන් දාන කුළුබඩු වල ප්‍රමිතියත් දාන ප්‍රමාණත් බලපානවා)
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |