චිකන් ඇෆ්රිතාඩා - Chicken Afritada
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
චිකන් ඇෆ්රිතාඩා ( ඇෆ්රිටාඩා ) / Chicken Afritada
( මේක පිලිපීනයේ ජනප්‍රිය කෑමක් )
අවශ්‍ය ද්‍රව්‍ය -
කුකුල් මස් 1/2kg ( අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා හෝ කුකුල් කකුල් වැනි දෙයක් ගත හැක )
සෝයා සෝස් මේස හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
තෙල් මේස හැදි 2
සුදුළූණු බික් 4
මධ්‍යම ප්‍රමාණයෙන් ළූනු ගෙඩි 1 - කුඩාවට කපා
තක්කාලි සෝස් කප් 1
වතුර කප් 1
මධ්‍යම ප්‍රමාණයෙ අල ගෙඩි 3 - කියුබ් කපා
මධ්‍යම ප්‍රමාණයෙ කැරට් අල 2 - කියුබ් කපා
රතු බෙල් පෙපර් 1 - කොටු කපා
බේ ලීව්ස් 2
චිකන් බ්‍රොත් කියුබ් 1 ( රස අනුව ) / ( සුප් කැට) මෙහිදී දාන චිකන් කියුබ් එක අනුව රස වෙනස් විය හැක. ඒ නිසා රසවත් චිකන් කියුබ් එකක් ගන්න.
ලුණු රස අනුව
දුඹුරු සීනි මේස හැදි 1 ( රස අනුව )
සාදන ක්‍රමය -
1. තෙල් ටිකක් රත්කර එයට සුදුළූණු, ළූනු එක්කර ලා දුඹුරු පැහැයට බැදගන්න.
2. එයට මස් එක්කර මිශ්‍රකර බැදෙන්නට හැර, ලුණු, ගම්මිරිස්, බේ ලීව්ස්, සෝයා සෝස් දමා අඩු ගින්දරේ විනාඩි 5ක් පමණ පිසගන්න. මස් වලට අනෙක් ද්‍රව්‍ය උරා ගන්නට.
3. එයට අල, කැරට්, බෙල් පෙපර්, තක්කාලි සෝස්, චිකන් බ්‍රොත් කියුබ්, දුඹුරු සීනි හා ජලය එක්කර ගන්න.
4. එය අඩු ගින්දරේ විනාඩි 15 -20ක් අල තැම්බී සෝස් එක උකු වනතුරු පිසගන්න.
5. මෙය සෝස් ගතිය වැඩිපුර තබා හෝ අඩුවෙන් ගත හැක.
# බෙල් පෙපර් පිසී වැඩිවේ යැයි සිතේනම් මෙය ලිපෙන් ඉවත් කිරීමට ස්වල්ප වේලාවකට පෙර බෙල් පෙපර් එක්කර ගත හැක.
## මෙය චොප්සුයි එකකට සමාන වන අතර උණුවෙන්ම බත් සමග පිළිගන්වන්න.
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |