සෝයාමීට් සොසේජස් - Soya meat sausage
- සමනලී අමා විසිණි.
සෝයාමීට් සොසේජස්..
දවස් ගාණක් පෙරුම් පුරලා පෙරුම් පුරලා හදාගත්ත සෝයා සොසේජ් රෙසිපිය...
අවශ්‍ය ද්‍රව්‍ය
සෝයා මීට් ලූස් හෝ පැකට්
මිරිස් කුඩු
කහ කුඩු
තුනපහ කුඩු
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
නෝර් උම්මලකඩ පව්ඩර් මික්ස් පැකට් 2ක්
ළුෑණු පොඩිවට චොප් කරගෙන
සුදු ළුෑණු කුඩාවට චොප් කරගෙන
මිරිස් කරල් කුඩාවට කපාගෙන
කරපිංචා ස්වල්පයක් කුඩාවට කපාගෙන
ඇස්ට්‍රා ටිකක්
සුප් කැටයක්
මම මෙහෙමයි හදාගත්තේ...
සෝයාමීට් තම්බලා වතුර මිරිකලා ඒ ටික බ්ලෙන්ඩර් කරගත්තා, ඒකට මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, කහ, තුනපහ අවශ්‍ය ගානට දාගෙන හොදට මික්ස් කලා..... ළුෑණු ටිකයි, සුදුළුෑනු ටිකයි, කරපිංචා, මිරිස් ඇස්ට්‍රා දාලා තෙම්පරාදු කරලා සෝයාමීට් ටිකට එකතු කරගත්තා..ඒකට සුප් කැටේ, නෝර් පැකට් දෙකයි එකතු කරලා හොදට මිකස් කරලා ලන්ච් ෂීට් එකෙන් 1/4 සයිස් කෑලි වල තියලා හොදට තද වෙන්න දෙපැත්තෙන් ගැට ගහ ගත්තා.
ඊට පස්සේ ඒ හදාගත්ත සෙසේජ් ටික රයිස් කුකර් එකේ ඉදියාප්ප තම්බන කොටසේ තියලා විනාඩි 20ක් තම්බගත්තා....
ඊයේ රෑ හදලා ෆ්‍රීසර් එකේ දාාලා අද දවාලේ තමා කන්න ගන්න වුණේ....රස නම් හොදායි.....
මේ මං හදපු විදිහ ඔයාලා කැමති විදිහකට මේක වෙනස් කරගත්තෑකි...
කැමති නම් මස්, මාළු, චීසුත් දාලා හදන්න..මං නම් ඒවා දැම්මේ නෑ....
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |