katatarasata.com

 

 

බෝංචි ව්‍යාංජනය - Beans curry

- ගයානි සිල්වා විසිණි.



හොඳම ළපටි බෝංචි ග්‍රෑම් 250ක් නූල් ඇරලා සෝදලා.....හීනියට දිග අතට හැඩ තියලා කපා ගන්න.... පුළුවන් තරම් හිනියට.... අමුමිරිස් කරල් 2ක් බෝංචි වගේම කපලා බෝංචි වලටම දාලා පැත්තකින් තියන්න

පොඩි රටලුනු ගෙඩියක් හිනියට ලියාගන්න... සුදුලුනු බික් 4ක් හිනියට පොඩියට කපා ගන්න.... රම්පේ කරපිංචා ලොකුවට අතින් හුරලා ගන්න... පුංචි ඉඟුරු කෑල්ලක් හොඳට පොඩි වෙන්න තලලාගන්න.. මේ ලුනු පහේ සේරම එකට තියාගන්න....

මිටිකිරි කෝප්ප 1/2ට තුනපහ තේහැදි 1/2ක්, කහ තේ හැදි 1/2ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, ලුනු තේ හැදි 1/2ක්, සිනි තේහැඳි 1/4ක් දාලා හොදට කළවම් කරලා තියාගන්න..... කුරුඳු පොත්තක් එක්ක කරාබුනැටි 5ක් හොදට තලලා ඒකත් කිරි එකටම දාන්න....

‍තෙල් මේස හැන්දක් රත්වෙන්න තියලා... ලුනු පහේ සේරම ඒකට දාලා හොදට කළවම් කරන්න.... ලූනු ටික තැම්බිගෙන එනකොට.. කිරි ටික දාන්න... (ගින්දර සාමාන්ය ගානට තියාගන්න) හොඳට හැඳිගාමින් කළවම් කරන්න....‍ විනාඩියක් විතර යද්දි...කිරි ටික හොඳ උකු පේස්ට් එකක් වගේ වෙනවා.... දැන් බෝංචි ටික දාලා ඉක්මණට කළවම් කරන්න... හොඳට කළවම් කරගෙන ලිපෙන් බාන්න... තවත් ටිකක් කළවම් කරලා බෝංචි ටික තද කරලා තියන්න... වහන්න එපා.... සුවදයි... රසයි.... හිනියට කපාගන්න නිසා... අමු ගතියක් දැනෙන්නෙත් නෑ... බෝංචි ඇට පොඩියට කැපිලා හරි ලස්සනක් එනවා... හදලා බලන්නකෝ.... (ලුනු එහෙම මදි නම් දාගත්තට වරදක් නෑ)

ගයානි සිල්වා ගේ වෙනත් කෑම වට්ටෝරු


අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
ගයානි සිල්වා

පොලොස් මාලුව
ගයානි සිල්වා

පුහුල් ලෙලි හින්දුම
ගයානි සිල්වා

පුහුල් ලෙලි තෙම්පරාදුව
ගයානි සිල්වා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
වේලපු දෙල් මැල්ලුම
By Piumi Thanaweera Arachchi
Views - 17
දෙල් බැදුම
By Nisha Madu Madu
Views - 13
අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව
By Gayani Silva
Views - 14
බැදපු දෙල් කරිය
By Niranjala Fernando
Views - 14
දෙල් ඇඹුල
By Niranjala Fernando
Views - 14
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15479
පෑන් කේක්
By Indunee Welivita
Views - 15246
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14601
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11111
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'