බෝංචි මෝජුව -
- ගයානි සිල්වා විසිණි.
බෝංචි මෝජුව..... (මේක ඉතිං මංම දාපු නම)
ඊයේ හම්බුනා....බොහෝම ළපටි...හීනිම හීනි බෝංචි ටිකක්... ආසම නැති කෑමක් උනත් කරල් ටිකේ හීනි දැක්කම ගන්නම හිතුනා... ඒ නිසාම 250ක් ගත්තා... ඕක ඉතිං උයලා ගත්තත් හොඳටම පොඩ්ඩක් වෙනවනේ.... ඒ නිසා හිතුනා මේකට තව මොනා හරි කලවමට දාන්න ඕනා කියලා...හැමදාමත් අලයි බෝංචියි එකට දාලා උයන කෙරුවාව මට නම් ඕනම නෑ... දැන් මේ කියන කතා වලින් ඔලුවට ගන්න අලුත් විදියට හිතන්නේ කොහොමද කියලා..හරිය... අසාමාන්‍ය විදියට සුදුලූනු වලට ඇබ්බැහි වෙච්චි කෙනෙක් මං... ඕනම දේකට දෙපාරක් නොහිතා සුදුලුනු අහුරු පිටින් එකතු කරන පුරුද්දක් මට තියෙනවා... ඉතිං මයේ හීං මොලේට මතක් උනේම සුදුලුනු වට්ටිය.. ආයේ මොනාද සුදුලුනු ගෙඩි 2ක්ම සුද්ද කරලා දෙකට පලලා ගත්ත...
බෝංචි කරල් ටික දෙකට පලලා කපලා ගත්තා.... ඒකටම රතුලූනු අහුරක්, සුදුලූනු ගෙඩි 2ක්, අමුමිරිස් කරල් 3ක්, රම්පේ කරපිංචා, කුරුදු පොත්තක්, උළුහාල් ටිකක්..මේ සේරෝම දැම්මා.... තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙන කොට දැම්මා සූදු තේ හැදි 1/2ක් විතර..... ඊ ළඟට අර කපාගත්ත සේරෝම තෙල් එකට දැම්මා.... විනාඩියක් විතර තියලා .. හට්ටිය පිටින්ම පොඩ්ඩක් එහාට මෙහාට පොලලා... වැහුවා.... ආයේ විනාඩියක් දෙකක් තියලා... මේකට දැම්මා...තුනපහ හැන්දක්, මිරිස් කුඩු හැන්දක්, කහ කුඩු ටිකක්.... ලුනු ටිකක්.... ඔන්න දැන් ආයෙමත් ටිකක් උඩ යට පොලලා වහලා තිබ්බා.... ගින්දරත් අඩු කරලා.. මද ගින්නේ තැම්බෙන්නඇරියා...ආයෙ ටිකකින් ඇරලා හැන්දෙන් ටිකක් එහාට මෙහාට කලවම් කරන කොට මට හිතුනේම මේකට තව වෙනස් දේවල් එකතු කරන්න ඇහැකිනේ කියලා...ඒ නිසාම ලුන එහෙම බලලා.... මිටිකිරි කෝප්ප 1/4ක් විතර දාලා හැඳිගාලා.... දැම්මා විනාකිරි ... බෝතලේ මුඩියන්ම 2ක්.... ඒකටම දැම්මා... අඹ චට්නි පුරවලා තේ හැන්දකුත්.... සිනිත් තේ හැදි 1 1/2ක් විතර දැම්මා.. හොඳට කලවම් කරලා මද ගින්නේ වහලා තිබ්බා.... ම්ම්ම්.... ඒක නම් අනේ මන්දා.... වෙනසකටත් එක්ක නිකං හදලා බලමුද.... තව ඔය මොන මොනවා හරි එකතු කරලා පොඩි වෙනසක් එහෙම කරලා බලන්න... මරු ඈ
![]() By Piumi Thanaweera Arachchi Views - 17 |
![]() By Nisha Madu Madu Views - 13 |
![]() By Gayani Silva Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Ruwanthika Madushani Views - 18055 |
![]() By Shiki Ranasinghe Views - 15479 |
![]() By Indunee Welivita Views - 15246 |
![]() By Indunee Welivita Views - 14601 |
![]() By Chathurani Priyangika Views - 11111 |