පුරවපු ගෝවා කරිය - Fill cabbage curry
- රාධිකා රණතුංග විසිණි.
මමත් හැදුවා පුරවපු ගෝවා කරිය. අද රෑට බටර් පාන් සමග. කියා දුන් ඇයට තුති .
සාදන විදිය, ගෝවා ගෙඩියක් ගෙන කොල පරිස්සමින් කඩා උනුවතුරෙ දමා පෙරාගන්න. ඊට කලින් කොලවල මැද නාරටිය පිහියකින් හිමීහිට කපාගන්න කොලය රෝල් කඑන්න පහසු විදියට. තක්කාලි ගෙඩි හත අටක් යන්තමි තමිබා නිවුනු පසු බිලෙන්ඩි කරගෙන පසක තබාගන්න. ලූනු අමුමිරිස් මිරිස්තුඩු තුනපහ කහ කරපිංච කපාගත් ඉගුරැ සුදුලුනු අබ ආදිය තෙලේ තෙමිපරාදුකර එයටම තක්කාලි එකතුකර වතුර ටිකකුත් දමා පදමට ලුනු දමා උකු සෝස් එකක් වගේ හොද්දක් හදාගන්න. අඹරපු කුකුල් මස් පාවිචිචි කර කැමති දේවල් දමා කටිලටි වලට හදනවා වගේ වියලි කරියක් හදාගෙන ගෝවා කොල මතට ටික ටික දමා රෝල් කරගන්න. මුලින්ම කොලය දෙපැත්ත නවා ගතයුතුයි . මෙි විදියට රෝල්ස් හදා උතුරන සෝස් එක මතට පරිස්සමින් තැන්පත් කර ඉතා අඩු ගින්දරේ වැඩි වෙලාවක් උයාගන්න. ගෝවා කොල හොදින් තැමිබුනේ නැතිනමි කද්දී හයියයි. ඒ නිසයි වැඩ වෙලාවක් උයාගන්න කියන්නේ. පුමානයන් හතේ මිමිමට ගතතෙ. හරිම රසයි.
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |