katatarasata.com

 

 

මික්ස් ඔයිල් රයිස්

- දිලිණි මදුෂිකා විසිණි.



බාස්මති හෝ සම්බා 500g 
චිකන් (කටු රහිත )250g 
එලවළු වර්ග (කැමති විදිහට ගන්න මම ගත්තේ බටු,ගෝවා ,කැරට්, ලීක්ස් )
අල 150g 
ගරම් මසාල තේ හැඳි 1k 
කහ තේ හැඳි 1/2
කුරුදුපොත්තක් 
එනසාල් ඇට කිහිපයක් 
රම්පෙ 
එලවළු තෙල් මේස හැඳි 4k (එලඟිතෙල් තෙල් වුනත් සුදුසුයි )
තක්කාලි ගෙඩි1k 
කෑලිමිරිස් ස්වල්පයක් 
බී ලූණු ගෙඩි1k 

මුලින්ම චිකන් කුඩාවට කපාගෙන ලුණු ගම්මිරිස් අතගා බැදගෙන පැත්තකින් තියන්න 

එලවළු ටික ගෙන කුඩාවට කපාගන්න 
අල සහ බටු රවුම් හැඩයට කපාගන්න..සියල්ලම ලුණු කහ අතගා ගැඹුරු තෙලේ බැදගන්න ..තෙල් බේරෙන්න තියන්න එපා..බැදගත් අල බටු කොටස් දෙකකට ‍බෙදාගන්න..

හාල් ටික සෝදා ගන්න ..රයිස් කුකර් එක ගෙන එහි අඩියෙ අල සහ බටු කොටසක් අතුරාගන්න ..අනෙක් එලවළු සියල්ලම දමන්න ..හාල් ටික දමා බත ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා කහ ,ගරම් මසාල ,රම්පෙ ,ලුණු දමා බත පිසගන්න තක්කාලි ගෙඩියත් පෙති කපා දමාගන්න ..බෙරි කරගන්න එපා.. රස නෑ ..

ඒ අතරතුර බැදගත් චිකන් ටික තීරු කරගන්න .
බත ඉදුණු පසු චිකන් ටික දමා හොඳින් කවලම් කරගන්න..

බී ලූණු ගෙඩිය රවුමට කපාගන්න ..භාජනයක් ලිප තබා එලවළු තෙල් මේස හැඳි 4 දමන්න ..තෙල් රත්වූ පසු රවුමට කපාගත් බී ලූණු ටික දමන්න.. කෑලිමිරිස් ටිකත් දමන්න ..රන්වන් පාටට බැදුණු පසු තෙල් සමගම බතට එකතු කර හොඳින් කවලම් කරන්න 
ඉන පසු වෙන් කරගත් අල සහ බටු අනෙක් කොටස පිලිවෙලට උඩින් අතුරාගන්න

දිලිණි මදුෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රතුලූනු කරි
දිලිණි මදුෂිකා

තිබ්බටු ව්‍යංජනය
දිලිණි මදුෂිකා

බටර් රයිස්
දිලිණි මදුෂිකා

බිත්තර සමග වම්බටු බැදුම
දිලිණි මදුෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 239
දියබත්
By Ishara Sajani Kavinga
Views - 101

By Ishara Sajani Kavinga
Views - 43
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 173
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 374
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7953
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7385
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6773
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5467
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5378
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'