කරවිල ඇඹුල -
- තුෂාර වෙලිගම්පල විසිණි.
මෙහෙම...කරවිල 250 ක් කපලා ලුණු සහ ගොරකා කෑලි කිහිපයක් දමා තැම්බෙන ගානට වතුර තියලා තම්බා ගන්න. පෙරනතරම් වතුර දාන්න එපා.. කරවිල තම්බලා පෙරැවම කිසිම ගුණයක් නෑ. දැන් බ්ලෙන්ඩර් කප් එක අරන් ලොකු තක්කාලි ගෙඩියක්, රතු ලුණු , කරපිංචා ,
සුදු ලූණු , ඉගුරැ අවශ්‍ය පමණ දාලා බ්ලෙන්ඩර් කරගෙන පේස්ට් එකක් හදා ගන්න. බාජනයක් ලිප තබා තෙල් චුටිටක් රත් කරගෙන අබ ඇට ටිකක් සහ උම්බලකඩ එකතු කර ගන්න. එයට මිරිස් තේ හැන්දක් , අමු තුනපහ තේ හැන්දක් , සීනි තේ හැන්දක් ,කහ ස්වල්පයක් සහ සාදා ගත් පේස්ට් එක එකතු කරන්න. තම්බාගත් කරවිල එහි ඇති ගොරකා කෑලි සමග ම එකතු කරගෙන මද ගින්නේ උකුවනතුරැ පිස ගන්න. මමනම් පොල් කිරි දාන්නේ නෑ.. ඔයාලා කැමති නම් මිටි කිරි ටිකක් දාන්න.. හදලා බලන්න කෝ කරවිල කියලා කියන්න වත් බෑ..
![]() By Nisha Navarathna Views - 9 |
![]() By Niranjala Fernando Views - 9 |
![]() By Niranjala Fernando Views - 9 |
![]() By Niranjala Fernando Views - 9 |
![]() By Niranjala Fernando Views - 8 |
![]() By Ruwanthika Madushani Views - 18383 |
![]() By Shiki Ranasinghe Views - 15706 |
![]() By Indunee Welivita Views - 15614 |
![]() By Indunee Welivita Views - 14877 |
![]() By Chathurani Priyangika Views - 11296 |