katatarasata.com

 

 

කරවිල ඇඹුල -

- ගයානි සිල්වා විසිණි.



කරවිල කරල් 3 සෝදලා ඇට ඉවත් කරලා... ටිකක් හීනියට හැඩේට කපාගන්න.... ඒකටම රතුලූනු ගෙඩි 5ක්, සුදුලූනු බික් 4-5ක්, අමුමිරිස් කරල් 2ක්, රම්පේ කරපිංචා එහෙම කපලා දාන්න....ටිකක් වැඩිපුර උම්බලකඩ එහෙමත් එකතු කරන්න.... තව කුරුඳු පොත්තක් අතින් පොඩි කරලා ඒකටම දාන්න.... ලොකු ගොරකා කෑල්ලක් හීනියට කපලා ඒකත් දාන්න....

දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා කරවිල සමඟ කපාගත්ත සියලු දේවල් ඒකට දාන්න... කලවම් කරලා ගින්දර අඩු කරලා වහලා තියන්න ටික වෙලාවක්..... විනාඩි 2-3න් ඇරලා බලන්න.. කරවිල සාමාන්‍ය ගානට තැම්බීගෙන වගේ එනවා... මේකට ලුනු ටිකක් දාලා හොඳට කලවම් කරලා ආයේ වහලා තියන්න... මේ විදියට අඩු ගින්දරේ කරවිල ටික තැම්බෙන්න අරින්න... ආයේ පියන ඇරලා ... බැදපු තුනපහ තේ හැඳි 1 1/2ක්, මිරිස් කුඩු හැඳි 1 1/2ක්, බැදපු මිරිස් කුඩු හැන්දක්, කහ කුඩු ටිකක්, ගම්මිරිස් තේ හැඳි 1/2ක් එකතු කරලා හොඳට කලවම් කරන්න.... ඒකට දියකිරි කෝප්ප 1/4ක් සහ මිටිකිරි කෝප්ප 1/2ක් වගේ එකතු කරලා වහලා අඩු ගින්දරේ හිඳෙන්න අරින්න... ගානකට හිඳුනට පස්සේ ලුනු බලලා සිනි හැන්දක් එකතු කරලා කලවම් කරලා ලිපෙන් ඉවත් කරන්න.. හරිම රසයි.... කැමති අයට තක්කාලිත් එකතු කරන්න පුළුවන්.... ඔන්න එහෙනම් හදලා බලන්නකෝ... තිත්ත නම් ම්හු..... රස නම් ම්ම්ම්ම්ම්....

ගයානි සිල්වා ගේ වෙනත් කෑම වට්ටෝරු


වට්ටක්කා ඥානකතා
ගයානි සිල්වා

කට්ලට් 25ක් සාදමු
ගයානි සිල්වා

එග් සැන්ඩ්විච්
ගයානි සිල්වා

කොස් කොත්තු
ගයානි සිල්වා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 2
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 1
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 1
මිල්ක්මේඩ් රටඉදි කේක්
By Niranjala Fernando
Views - 1
පොල් කේක්
By Niranjala Fernando
Views - 1
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'