කරවිල මාලුව - Bitter gourd curry
- මල්ලවාරච්චිආරච්චිගේ චන්දිමා බන්ඩාර විසිණි.
කරවිල 250g
හොඳට පැහුණු පොල් ගෙඩියක් ( පොල් ගෙඩියම ගන්නේ නැහැ )
රතුළුනු ටිකක් වැඩියෙන්
අමුමිරිස්
සුදුළුණු ටිකක් වැඩියෙන්
තක්කාලි ලොකු ගෙඩි දෙකක්
රම්ප කෑල්ලක්
කරපිංචා මිටක්
උම්බලකඩ මිටක්
කහා තේ හැදි බාගයක්
මිරිස්කුඩු තේ හැදි එකහාමාරක්
ගම්මිරිස්කුඩු තේහැදි බාගයක්
බැදපු තුනපහා තේ හැන්දක්
ලුනු
තේල් මේස හැන්දක්
මුලින්ම කරවිල ටික කපාගන්න තරමක කෑලි වලට ( කරවිල කපද්දි කතා නොකර කපන්න කියලා කියනවා කෙමක් කියලා ඉතිම් එව්වා ඇත්ත නැත්ත දන්නේ නැහැ හැබැයි මං ඒවා පිලි පදිනවා )
දැන් පැහුණු පොල් ගෙඩිය අරං බිදින්න පොල් වතුර ටික කෝප්පයකට දාගන්න විසික් කරන්න එපා
පොල් බෑයක් ගාලා මිටි කිරි කෝප්ප එකහාමාරක් ගන්න
තක්කාලි / අමුමිරිස් / රතුළුනු / සුදුළුණු ඒ දේවල් කපාගන්න...
දැන් හට්ටියක් ලිපේ තියලා හට්ටිය රත් වෙද්දි ඒකට තෙල් ටික දාන්න තෙල් ටික රත්වෙද්දි තක්කාලි කරවිල ටිකයි ඇරෙන්න...ළුනු අමුමිරිස් සුදුළුණු රම්ප කරපිංචා ටික දාගෙන තෙම්පරාදු කරගන්න..ඒ ටික තෙම්පරාදු වෙද්දි...ඒකට කරවිල ටික එකතු කරන්න එකතුකරලා පොඩ්ඩක් තෙලෙන් විනාඩියක් විතර කලවම් කර කර තම්බ ගන්න.... දැන් මිරිස්කුඩු / ගම්මිරිස්කුඩු / කහාකුඩු / බැදපු තුනපහා / ඒ ටික ඔක්කෝම එකතුකරන් කලවම් කරන්න.. තෙලෙන් මේ ටික ඔක්කෝම හොඳට තෙම්පරාදු කරගන්න... ඊට පස්සේ අර අපි අයින්කරපු පොල් වතුර ටිකයි තක්කාලි ටිකයි එකතු කරගන්න.... (වතුර එහෙම දාන්නේ නැහැ) දැන් හට්ටිය පියනකින් වහන්නේ නැතිව හොදට හොද්ද උතුරව ගන්න.... පොල් වතුර හිදිගෙන එද්දි මිටිකිරි ටික එකතුකරලා උතුරගෙන එද්දි උම්බලකඩ ටික එකතුකරගන්න... දැන් ඕන තරමට හොද්ද හින්ද ගන්න... හැදිගාන්න එපා එක පාර දෙපාරකට වඩා... ඇත්තටම හරිම රසයි මෙහෙම උයලා... තිත්ත නැහැ කියන්නේ නැහැ මං මොකද කරවිල වල තිත්ත රස තමා ඒකේ රස... මම උයලා කන්නේ නැහැ බැදලා විතරයි කන්නේ... හැබැයි මෙහෙම හැදුවම හොදි කනවා... තෙල් පෑදිලා එද්දි හරිම සුවදයි.. හදලා බලන්න.
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18367 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |