katatarasata.com

 

 

කරවිල අච්චාරු - Bitter gourd pickle

- සීතා පොන්නම්පෙරුම විසිණි.



කරවිල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :

කරවිල 500g

රතුලූනු 100g

අමු මිරිස් 50g

මිරිස් කුඩු මේස හැදි 1

අබ තේ හැදි 1

ඉගුරු / සුදුලූනු තේ හැදි 1 බැගින්

කහ තේ හැදි 1/2

රස අනුව ලුණු

විනාකිරි කෝප්ප 1/2

සීනි මේස හැදි 2

බැදීමට තෙල්

සාදන ක්‍රමය :

කරවිල පෙති හෝ දිගටියට කපා ඇට ඉවත්කර වේලා ගන්න.

ඉන්පසු ගැඹුරු තෙලේ බැදගන්න.

අමුමිරිස් මැදින් පලා යන්තමින් පාට වෙනස් නොවෙන්න බදින්න. රතුලූනු ත් එසේම තෙලට දමා ගන්න.

ඉගුරු , සුදුලූනු , මිරිස් කුඩු, කහ , විනාකිරි ස්වල්පයකින් අඹරා ගන්න.

ඉතින් විනාකිරි මැටි හට්ටියක දමා, අඹරා ගත් ද්‍රව්‍ය සහ සීනි එක්කර උනු කරන්න. එයට බැදගත් අමු මිරිස් , ලූනු , කරවිල එක්කර රස අනුව ලුණු දමා ලිපෙන් බාන්න.

රස බලන්න

** කරවිල වේලාගන්නෙ නැතිව උනත් ගැඹුරු තෙලේ බදින්න පුලුවනි. එවිට වැඩිපුර තෙල් ප්‍රමානයක් වැයවේ

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


ඥානකතා
සීතා පොන්නම්පෙරුම

බේක් කල ඩෝනට්
සීතා පොන්නම්පෙරුම

හාල්පිටි හොට් ඩෝග්
සීතා පොන්නම්පෙරුම

බ්‍රෙඩ් බන්
සීතා පොන්නම්පෙරුම
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'