කරවිල මෝජුව -
- ඇෆ්ශ්නා අෆ්ටාබ් විසිණි.
කරවිල මෝජුවත්
කරවිල ඇඹුලත් මගේ විදියට,,,,,,,,,,,,,,
මෝජුවට කරවිල ගෙඩිය මදේ ඇරල , දලු නම් එහෙමම කපන්න කූරැ වගේ මහතත් නැති හීනිත් නැති විදියට. (මම ගත්තෙ ගෙඩි හතරක්)
කරවිල කපල, ලුනුත් විනාකිරිත් ටිකක් දාල කෝප්පයකට වතුරත් සමග කරවිල තියන්න විනාඩි දහයක් පහලොවක්.
නැවත වතුරින් දෙවරක් සෝදන්න. වතුර හොදට බේර ගෙන කහ ටිකක් අතගාල ගැඹුරැ තෙලේ බැද ගන්න කර නොකර. තෙල් බේරා කිචන් ටවල් එකක් පිගානකටඑලල ඒ මත අතුරා ගන්න.
රටළුණු ගෙඩි තුනක් ලියල ඒ තෙලේ ම බැදල කර නොකර රන්වන් වෙන්න ලං වෙන විටම ඉක්මනින් තෙල් බේර ගෙන අර බැදගත් කරවිල උඩම තුනී කර ගන්න
අමු මිරිස් කරල් කිහිපයකුත් දෙකට පලල කොල පාටට හිටින්න බැද ගන්න
කරපිංචා ලොකු අහුරැ දෙකකුත් කොල පැහැයටම බැද ගන්න
මීඩියම් තක්කාලි ගෙඩි දෙකක් තුනක් සෝදල අරන් පොතු ඇරල සිහින් ව ලියල ගන්න
දැන් මැටි හට්ටියකට තෙල් තේ හැන්දක් වගේ දාල අබ තේ හැදි බාගයක් දාල කුරැදු කෑල්ලකුත් එක්ක බැද ගෙන තක්කාලි ටික දාල කවලම් කරල ලුනු ටිකකුත් සමග මූඩියෙන් වහල අඩුම ගින්නෙ උයන්න තක්කාලි ටික ඉදෙන්න. විනාඩි පහක් පමන. අඩියෙ අල්ලයි කියල හිතුනොත් වතුර යන්තමින් ඉහන්න.
හොදට මෑෂ් උනාම තක්කාලි ටික එයට මිරිස් කුඩු ටිකකුත් කෑලි මිරිස් ටිකකුත් කහ ටිකකුත් රස අනුව දාන්න. මම නම් ගම්මිරිස් ටිකකුත් දානව. දැන් විනාඩියක් විතර මේ ටික උයල, බැදගත් කරවිල සමග තියන ළුණු, අමු මිරිස්, කරපිංචා දාල කවලම් කර ගන්න මසාල ටික හොදින් තැවරෙන්නට. ලුනු රස අනුව දාල මූඩියෙන් වහල අඩුම ගින්නෙ උයා ගන්න විනාඩි තුන හතරක්.
බැදගත් දේ වල තෙල් තිබෙන නිසා අබ ටික පිපිරෙන්න පමණක් තේ හැන්දක් පමණ තෙල් ඇති වෙනව.
කැමති නම් හාල් මැස්සන් බැද එකතු කලාම රසයි.
ගින්දර වැඩි කර ගෙන බදින්නත් එපා කරවිල, ළුණු
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18367 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |