katatarasata.com

 

 

මික්ස් සී ෆුඩ් රයිස්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය දිගට දැම්මාට ඔක්කොම ගෙදර තියෙන දේවල් හදන්නත් හරි ලේසි.
බෙරිනොවෙන සේ උයාගන්න පුලුවන් සුදු පාට ඕනෑම හාල් වර්ගයක් 
(හාල් සෝදා වතුර පෙරාගන්න බත් උයන භාජනයට හෝ රයිස්කුකර් එකේ භාජනයට බටර් ටිකක් දාලා රත් වෙනකොට සෝදා ගත් හාල් ටික දාන්න .මිනිත්තු කිහිපයකට පසු වතුර ලුනු එනසාල් සහ කරාබුනැටි කිහිපයක් දාගෙන බත් එක හදාගන්න.බත ඉදුනු පසු වෙනත් භාජනයකට දාලා කැට ලිහාගන්න.) 
අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණ නම් අවශ්‍ය වෙන එකක් නැහැ 
ඉස්සො 
කෑලි කපාගත් දැල්ලො 
(ඉස්සො සහ දැල්ලන්ට දෙහි යුෂ ටිකක් දාලා අතගාලා තියන්න.)
කුඩාවට කපාගත් කැමති ඕනෑම මාලු වර්ගයක් 
කැරට් බෝංචි වගේ ඕනෑම එලවලුවක් දාගන්න පුලුවන් මම දැම්මේ කැරට් විතරයි 
ලූනු 
අමුමිරිස් 
ඉගුරු 
සුදුලූනු 
ලුනු 
ගම්මිරිස් 
කෑලිමිරිස් 
කහ ටිකක් 
දෙහි යුෂ 
අවශ්‍ය නම් පමණක් බිත්තර හා තම්බාගත් ඉරිඟු ඇට ටිකක්.
ලූනු කොල 
ඔයිස්ටර් සෝස්
සෝයා සෝස් 
බටර් 
තෙල්


භාජනයකට තෙල් පොඩ්ඩක් දාලා බටර් දාගන්න (එවිට කර වෙන්නෙ නැහැ) බටර් ටික දිය වෙනකොට ඉගුරු සුදුලූනු ලූනු හා අමුමිරිස් පිලිවෙලින් දාගන්න.
ඒවා බැදෙනකොට ඔයිස්ටර් සෝස් හා සෝයා දාගන්න.(වැඩිය දාන්න එපා)
දැන් කැරට් හෝ ඔයලා දාන ඕනෑම එලවලු වර්ගයක් ඉදීමට ගතවන කාලය අනුව එකතු කරගන්න.
ඊළඟට ඒ මිශ්‍රණය පොඩ්ඩක් පැත්තකට කර බිත්තර කඩලා දාලා කූරු ගාන්න.සියල්ල එකට කවලම්කරගන්න.
දැන් ඉස්සො සහ දැල්ලො දාලා විනාඩි 4ක් විතර පිසගන්න.අවශ්‍ය නම් තම්බාගත් ඉරිඟු ඇටත් එකතු කරගන්න.රස අනුව ලුනු ගම්මිරිස් කහ පොඩ්ඩක් සහ කෑලි මිරිස් දාන්න.
බත් එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.සරසා ගැනීම සදහා උඩින් ලූනු කොල ටිකක් දාගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1092
දියබත්
By Ishara Sajani Kavinga
Views - 387
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 682
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1166
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1033
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8962
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8663
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8652
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6210
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6184
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'