katatarasata.com

 

 

බැදපු දෙල් කරිය -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



බැදපු දෙල් කරිය ..

අවශ්‍ය ද්‍රව්‍ය -

දෙල් - පොඩි කෑලි කපා

රතුළූනු

අමුමිරිස්

කරපිංචා ඉත්තක්

රම්පා

කහ කුඩු

තුනපහ

කුරුදු කෑල්ලක්

ඉගුරු කෑල්ලක් චොප්කර

සුදුළූණු

පොල්කිරි - වැඩිපුර

ලුණු රස අනුව

සියඹලා යුෂ ටිකක්

තක්කාලි

මිරිස් කුඩු රස අනුව

තෙල් වර්ගයක්

සාදන ක්‍රමය -

1. මුලින්ම දෙල් ගෙඩිය සුද්ධ කර කෑලි කපාගන්න.

2. ඒවා රන්වන් පාටට ගැඹුරු තෙලේ බැදගන්න.

3. දැන් මැටි වලදක් ලිපතබා රතුළූනු, අමුමිරිස්, රම්පා, කහ කුඩු, තුනපහ කුඩු, කුරුදු, ඉගුරු, සුදුළූණු, පොල්කිරි, ලුණු රස අනුව, සියඹලා, තක්කාලි එක්කර ලිපතබා උතුරන තුරු පිසගන්න. ( මේ හොද්දත් හරිම රසයි )

4. දැන් වෙනත් භාජනයකට තෙල් ටිකක් දමා කරපිංචා දමා බැද එයට මිරිස් කුඩු එක්කර බැදගන්න. ( මෙය තද පාටට බැදගන්න )

5. දැන් උතුරන කිරි හොද්දට තෙල් මිශ්‍රණය එක්කර ගන්න.

6. ඉන්පසුව දෙල් කෑලි නොකැඩෙන ලෙස ඇතිලියේ අතුරා ගන්න.

7. මෙය මදගින්නේ හොද්ද හිදෙනතුරු පිසගන්න.

( හැදිගාන්න එපා. ඇතිලිය වටේ කරකවමින් මිශ්‍රකර ගන්න )

# හොදි තිබෙන්නත් පිසගන්න පුළුවන්.

## මෙය පිසෙන විට සමහර දෙල් කෑලි පොඩි වීමක් සිදුවේ.

ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ මේකෙ රස කොහොමද කියලා

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චොකලට් ගනාශ්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

බටර් ක්‍රීම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

බටර් අයිසින්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

වෙඩින් කේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'