අබ, ගම්මිරිස් දෙල් තෙම්පරාදුව -
- ගයානි සිල්වා විසිණි.
මේකට ඕනේ හොඳටම පිටි වෙන්න තැම්බෙන දෙල් ගෙඩියක්... එහෙම නැතුව නම් මේක හදලා වැඩක් නැ.... ලොකු ගෙඩියක් නම් බාගයක් ගන්න...ටිකක් ලොකුවට කැලි කපලා... කහ, ලුනු අතගාලා තම්බගන්න... පොඩි රට ලූනු ගෙඩියක් ලියාගන්න... අමු මිරිස් කරල් දෙක තුනක් දෙකට පලන්න... කරපිංචා ඉති දෙක තුනක් සුරලා ගන්න... රම්පේ කොලයකින් බාගයක්ම දෙකට තුනට ඉරලා ගන්න... සුදුලුනු, ඉඟුරු ටිකක් තලා ගන්න... වියලි මිරිස් කරල් දෙකතුනක් ලොකුවට කපලා ගත්තම තවත් මරු... මිටි කිරි කෝප්පයක් ගන්න... හරි ඉතිං... දැන් තෙල් රත්වෙන්න තියලා.... අබ ඇට පුරවලා තේ හැන්දක්ම දාන්න... අබ පුපුරන කොට රම්පේ කරපිංචා දාන්න.... ලූනු, මිරිස් කරල් ටිකත් දාන්න... විනාඩි දෙක තුනක් බැදෙන්න අරින්න.... දැන් මේකට දාන්න ඉඟුරු සුදු ලූනු ටික ....ටිකක් බැදෙන කොට දෙකට තුනට කඩාගත්ත වියලි මිරිස් කරල් 2-3ක් දාන්න...බැදෙන්න අරින්න... ටිකකින් කෑලි හිටින්න කොටා ගත්ත ගම්මිරිස් හැඳි 1/2ක් විතර මේකට දාන්න... තව කහ ටිකක්, ලුනු එහෙම දාලා කලවම් කරන්න.. අන්තිමට මිටිකිරි කෝප්පයක් දාලා නටාගෙන එනකොට දෙල්ටික දාලා කලවම් කරන්න... ටික වෙලාවකින් මේක හිඳෙනවා.... හොඳට හිඳුනාම ලිපෙන් බාගෙන හොඳට කලවම් කරන්න... ආයේ ඔන්න මදි උනා කියන්න එපා... කරපිංචා නැට්ටක්වත් ඉතුරු වෙන එකක් නෑ.
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18367 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |