දෙල් බැදුම -
- නිශා මදු මදු විසිණි.
දෙල් බැදුම ~~~
දවල් බතට මගෙන්....
ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුලුවන් තවත් කෑමක් .....
*පැසුනු දෙල් ගෙඩියක් (මං ගත්තේ බාගයයි)
*රට ලූණු ගෙඩියක්
*අමු මිරිස් කරල් 2-3
*සුදු ලූණු බික් 3
*වියලි මිරිස් කරල් 2-3
*රම්පෙ,කරපිංචා
*අබ ඇට ටිකක්
*මිරිස් කුඩු තේ හැන්දක්
*කහ කුඩු ටිකක්
*කෑලි මිරිස් ටිකක්
*දෙල් සුද්ද කර කෑලි කපා මිරිස් කුඩු,කහ ටිකක් අවශ්‍ය තරම් ලුනු දා තම්බා ගන්න ...
*තෙම්පරාදුව සදහා තෙල් ටිකක් ලිපේ තියල හොදට රත් උනාම අබ ඇට ටික දා ගන්න පුපුරන්න තියන්න (අබ පුපුරවන්න කියන්නේ අබ කියන්නේ උෂ්ණ කෑමක් නිසා )
*ඉන්පස්සේ ඒකට කරපිංචා ,රම්පෙ සුදු ලූණු දමා ටික වෙලාවකින් පසු වියලි මිරිස් එකතු කරන්න ඉන්පස්සේ ලූනූ,අමු මිරිස් ටික එකතු කර ගන්න
*මේ ටික හොදින් තෙම්පරාදු උනාම කෑලි මිරිස් ටිකක් දා ගන්න ...ලුනු ටිකක් දාගන්න මේ මිශ්‍රණයට අවශ්‍ය තරම් ගොඩක් එපා...
*මේ ටික් හොදින් තෙම්පරාදු උනාම තම්බ ගත්ත දෙල් ටික දා ගන්න ...කවලම් කර ගන්න හැදි මිටින් වගේ පොඩි නොවෙන්න ....ටික වෙලාවක් තියල ලිපෙන් බා ගන්න ....
දෙල් එක ටිකක් බෙරි වෙන්න තම්බ ගෙන හදන්නත් පුලුවන් එහෙමත් රසයි....තමන්ගෙ රස අනුව අවශ්‍ය කුලු බඩු අඩු වැඩි කර ගන්න....මං හැදුවෙ දෙල් ගෙඩියෙන් බාගයයි .....මේ තියෙන්නේ මං හදපු එකේ නියම පාටමයි..
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18367 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |