katatarasata.com

 

 

වම්බටු පැහි

- ශිඛී රණසිංහ විසිණි.





අවශ්ය දේ
වම්බටු කිලෝ 1
ලොකු රටලූනු ගෙඩියක්
සුදුලූනු ගෙඩි කිහිපයක්
ඉගුරු කැබැල්ලක්
රම්ප,කරපින්චා,සේර
කුරුදු කැබැල්ලක්
අමු මිරිස් කරල් කිහිපයක්
කෑලි මිරිස්,තුනපහ,කහ අවශ්ය පමණ
තෙල්
පොල් කිරි කෝප්පයකට ටිකක් අඩුවෙන්
ලුනු
දෙහි ඉස්ම ස්වල්පයක්


සාදන ආකාරය
වම්බටු සෝදා දිග් අතට තීරු කපා ගන්න. කහ,ලුනු අත ගා පැත්තකින් තියන්න ටික වෙලාවක්. දැන් තෙල් තාච්චියක් ලිප තබා රත් වූ තෙලට වම්බටු දමා රන්වන් පැහැ වනතෙක් බැද ගන්න. ඉන්පසු ටිෂූ පේපර් එකක් මතට බැද ගත් වම්බටු දාන්න තෙල් බේරෙන්න. රටලූනු සිහින්ව කපා ගන්න. සුදුලූනු සහ ඉගුරු එකට තලා ගන්න. අමු මිරිස් සිහින්ව කපා ගන්න.දැන් මැටි හට්ටියක් ලිප තබා තෙම්පරාදුවට අවශ්ය තරම් තෙල් දමා, තෙල් රත්වන විට සුදුලූනු,ඉගුරු,රටලූනු, කරපින්චා,රම්ප,සේර,කුරුදු,අමු මිරිස් දමා තෙම්පරාදු කරන්න. මෙය රන්වන් පැහැ ගෙන සුවද එන විට කෑලි මිරිස්,තුනපහ සහ කහ දමන්න. ටික වෙලාවක් තෙලෙන් බැදුනු පහේ වලට බැද ගත් වම්බටු එකතු කරන්න. එයටම පොල්කිරි සහ රස අනුව ලුනු දමන්න. ( වම්බටු බැද ගත්තෙත් ලුනු එකතු කර නිසා ලුනු දානකොට පරිස්සමෙන් එකතු කරන්න ) දැන් කිරි ටික හිදෙන තුරු වම්බටු පිස ගන්න. අන්තිමට ලිපෙන් ඉවත් කරල දෙහි ඉස්ම ටිකක් එකතු කරන්න.

ශිඛී රණසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


බීට් රූට් අච්චාරුව
ශිඛී රණසිංහ

දියබත්
ශිඛී රණසිංහ

සුදුලූනු අච්චාරුව
ශිඛී රණසිංහ

දැල්ලො මෝජු
ශිඛී රණසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2653
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1028
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1496
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2590
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2040
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11741
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10870
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10832
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7630
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7535
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'