katatarasata.com

 

 

ගෝවා මල් පීසා

- ශිඛී රණසිංහ විසිණි.





මේක විශේෂ රෙසපි එකක්. ගොඩක් අයට අලුත් අත්දැකීමක් නිසා ඇල්බම් එකක් දාන්න හිතුවා. මේකෙ විශේෂත්වය තමයි පීසා එකේ ඩෝ ඒක තනිකරම ගෝවා මල් වලින් හදල තිබීම. වෙජිටේරියන් රෙසපි ඉල්ලන අයට මේක මේ විදියටම හදන්න පුලුවන්. වෙජිටේරියන් නොවන අයට තමන් කැමති මස්,මාලු,සොසේජස් එකතු කරල හදා ගන්න පුලුවන්. කැමති නම් හදල බලන්න. අලුත් අත්දැකීමක් වේවි.මෙහි මුල් රෙසපි එක මම ගත්තෙ අන්තර්ජාලෙයෙන්. දැන් හැම රෙසපි එකකටම අයිතිකරුවන් ඉන්න නිසා මෙහි මුල් රෙසපි එකේ ලින්ක් එක පහත සදහන් කරන්නම්
අවශ්ය දේ
ගේටරයකින් සූරා ගත් ගෝවා මල් කෝප්ප 2 
ලොකු බිත්තර 1
කුඩාවට කැබලි කරගත් මොසරෙල්ලා චීස් කෝප්ප 1 1/2
වියලා කැබලි කර ගත් පාස්ලි මේස හැදි 1 ( මේ වෙනුවට වෙනත් ආදේශකයක් පාවිච්චි කරන්න පුලුවන් )
කුඩාවට කපා ගත් සුදුලූනු බික් 1
ලුනු මේස හැදි 1/2
ඔලීව් ඔයිල් මේස හැන්දක් පමණ
පීසා සෝස් ( පීසා සෝස් හදන හැටි වෙනම ඇල්බම් එකක් දාන්නම්. මේ වෙනුවට තක්කාලි සෝස් පාවිච්චි කරන්න පුලුවන්)
බේබි තක්කාලි ගෙඩි කිහිපයක්
අමු මිරිස් කරල් කිහිපයක්
සාදන ආකාරය
ගේටරයකින් සූරා ගත් ගෝවා මල් කෝප්ප දෙක මයික්‍රොවේව් තැබිය හැකි බාජනයකට දමා ( වතුර එකතු කරන්න එපා) සාමාන්ය උශ්ණත්වයෙන් විනාඩි 8ක් පමණ හීට් කර ගන්න. ( එහෙම නැත්නම් බාජනයකට දමා වතුර එකතු නොකර මද රස්නයෙන් ලිප තබන්න . විනාඩි 5-6 ක් පමණ ) එය නිවෙන්නට තියන්න. ලොකු බෝල් එකක් අරගෙන නිවා ගත් ගෝවා මල්, බිත්තරය, ලුනු, පාස්ලි සහ චීස් කෝප්පයක් ( ඉතිරි බාගය තියා ගන්න ) එකට දමා හොදින් මිශ්‍ර කර ගන්න. දැන් අවන් ට්‍රේ එක මත තෙල් කඩදාසියක් දමා එය මතු පිට බටර් තවරා ගෙන,ගෝවා මල් මිශ්‍රණය රවුමට, පැතලියට සහ ටිකක් ඝනකමට අතුරා ගන්න.

ඒ මතුපිට ඔලීව් ඔයිල් බ්‍රෂ් එකක් ආධාරයෙන් තවරා ගන්න. 450F ( 232C ) උෂ්ණත්වයෙන් කලින් රත් කර ගත් අවන් එකක විනාඩි 15-20 පමණ බේක් කර ගන්න( උඩින් රන්වන් පාට වනතුරු )


දැන් ගෝවාමල් ඩෝ එක එලියට අරගෙන ඒ මතු පිට පීසා සෝස් තවරා ගන්න.

එයට උඩින් තක්කාලි සහ අමු මිරිස් එකතු කරන්න ( තමන් කැමති දෙයක් එකතු කරන්න පුලුවන් ) ඊටත් උඩින් ඉතිරි වූ මොසරැල්ලා චීස් ඉස 392F ( 200 C ) උශ්ණත්වයෙන් තවත් විනාඩි 15 ක් පමණ බේක් කර ගන්න. උනුවෙන් මේසයට යවන්න. රසයි වගේම ගුණයි.

ශිඛී රණසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


බීට් රූට් අච්චාරුව
ශිඛී රණසිංහ

දියබත්
ශිඛී රණසිංහ

සුදුලූනු අච්චාරුව
ශිඛී රණසිංහ

දැල්ලො මෝජු
ශිඛී රණසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2653
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1028
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1496
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2590
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2040
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11741
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10869
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10831
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7629
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7535
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'