katatarasata.com

 

 

අලුවා

- පියුමි තණවීර ආරච්චි විසිණි.



මම ඔෆිස් ගෙනියන්න හදපු අලුවා....වෙනදා වගේම තමයි හැදුවෙ...ඒත් ගෙදර තිබුනු හාල් පිටි මදි වුනු නිසා...රුලං ටිකකුත් කබලෙ බැදලා එකතු කලා....වෙනදටත් වඩා රසයි...

මම හදපු අලුවා
හාල් පිටි 1kg
සීනි 1kg
වතුර කෝප්ප 2 1/2
කජු
වැනිලා ස්වල්පයක්
කරදමුන්ගු ඇට කීපයක්
මුලින්ම හාල් පිටි ටික හොදින් බැද ගන්න.....හොදින් බැදුනු පසු අතට සිනිදු ගතියට දැනෙනව.....(යාන්තම් දුඹුරු පාට වෙනවා)
බාජනයක් ලිපේ තියල එකට සීනි, වතුර එකතු කරල උනු කර පැනි හදා ගන්න......(නූල් ඇදෙන ප්‍රමානයට )ඇගිලි තුඩු දෙකෙන් අල්ලලා ඈත් කලාම නූලක් වගේ ඇදෙන ගානට ), එයට කුඩාවට කඩා ගත් කජු, වැනිලා, කරදමුන්ගු එකතු කර ලිප නිවා ගන්න.....උනු කර ගත් පැනි නිවෙන්න හරින්න (ඇගිල්ලක් දාන්න පුලුවන් රස්නෙට පැනි ටික නිමෙන්න තියන්න )...ඒ අතර ලෑල්ලකට හෝ ට්‍රේ එකකට බැදගත් පිටි ටිකක් ඉස පිලියෙල කර ගන්න.....පැනි ටික නිමුනු පසු එයට හාල් පිටි දමා හොදින් කලවම් කරන්න.......(උඩින් ඉසීමට පිටි චුට්ටක් ඉතුරු කර ගන්න )...හොදින් කලවම් කර ගත් පසු පිටි ඉස ගත් ලෑල්ලට දමා උඩින් පිටි ටිකක් ඉස කෙසෙල් කොලෙකින් තුනී කර ගන්න......හයි වෙන්න කලින් කෑලි කපා ගන්න....රසම රසයි...මේ මම හදන ක්‍රමය....මටත් ඉස්සර හරියට වරදිනවා...katata rasata එකෙ අයගෙන් ගොඩාක් උදව් අරගෙන තමයි හරිම පදම හොයා ගත්තෙ.....මේ විදියට හැදුවොත් වරදින්නෙ නැහැ...හරියටම හරි....ප්‍රශ්න තියෙනව නම් අහන්න...

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙලුම් අල සම්බෝලය
පියුමි තණවීර ආරච්චි

ඉස්සො ඉස්ම
පියුමි තණවීර ආරච්චි

කිරි කැඳ
පියුමි තණවීර ආරච්චි

මාලු ඇඹුල්තියල්
පියුමි තණවීර ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1517
දියබත්
By Ishara Sajani Kavinga
Views - 554
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 903
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1566
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1292
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9525
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9524
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9238
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6596
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6562
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'