katatarasata.com

 

 

ජම්බෝ වෙජිටබල් කට්ලට් - Jumbo vegetable cutlets

- උදේනි ලියන ආරච්චි විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය -

අර්තාපල් අල හරියටම 1kg . ( මොකද ඒක හරියටම 1kg ගෙනත් ඔක්කොම දැම්මා .)

කැරට් 250g ක් විතර

කෝලි ෆ්ලවර් 250g ක් විතර

සෝයා granules 200g ක් විතර

ලොකු බී ලුණු ගෙඩි 2ක් ( 400ක් විතර )

සුදු ළුණු බික් 5,6ක්

අමුමිරිස් කරල් 7,8ක්

කරපිංචා කොළ ටිකක් වැඩියෙන්

sweet corn ( freezed ) 50g ක් විතර

green peas ( freezed ) 50g ක් විතර

bread crumbs 1kg ( 750g ක් ) විතර ගියා

කහ කුඩු චුට්ටක්

තුනපහ කුඩු තේ හැඳි 1ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

කෑලි මිරිස් තේ හැඳි 2ක්

කුරුඳු කුඩු චුට්ටක්

අබ ඇට ටිකක්

දෙහි බිංදු කීපයක්

ලුණු කුඩු

තෙල් මේස හැන්දක්

cutlet බදින්න තෙල් 1l විතර

batter එක සඳහා -

බිත්තර 2ක්

ෆ්‍රෙෂ් මිලක් කෝප්පයක්

පාන් පිටි 100g ක් විතර

මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය -

මුලින්ම අල,කැරට් . කෝලි ෆ්ලවර් පොඩිකර ගන්න පුළුවන් වෙන ගානට වෙන වෙනම තම්බා ගන්න. තම්බන කොට ලුණු ටිකකුත් දාලම තැම්බුවාම ගොඩක් රසවත් . ඊට පස්සේ අල, කැරට් පොතු හැර හොඳින් පොඩි කර ගන්න. කෝලි නම් නිකම්මම පොඩි වෙනවා. සෝයා granules ටික උතුරන උණුවතුර දමා විනාඩියක් විතර වහලා තියන්න. වතුර වැඩි උනොත් සෝයා ටික හොඳින් මිරිකා වතුර ඉවත් කරන්න. බී ළුණු ,සුදු ළුණු , අමුමිරිස් , කරපිංචා සිහින්ව කපා ගන්න. ඉන්පසු පැතලි pan එකක් ලිප තියා ඒකට තෙල් ටික දමා රත්වන විට අබ ටික දාන්න , අබ පුපුරන විට සිහින්ව කැපූ බී ළුණු ,සුදු ළුණු , අමුමිරිස් , කරපිංචා දමා හොඳින් රන්වන් පාට වන තුරු බදින්න . ඒ අතර ඒකටම සෝයා ටික හා අනෙකුත් කුළුබඩු වර්ග ටිකද එක් කර බැදෙන්න හරින්න. ඉන්පසන්තිමට එකට අල, කැරට් , කෝලි , sweet corn හා green peas ද එකතු කර රස අනුව ලුණු ද එකතු කර තෙත ගතිය නැති වෙනතුරු මිශ්‍රණය සකස් කරගන්න. මිශ්‍රණය නීවී ගෙන එන විට දෙහි බින්දු කීපයක් දමා bread crumbs 100 g ක් විතර එකතු කර හොඳින් කලවම් කරන්න . එතකොට cutlet වඩා රස වගේම ගුලි කර ගන්න පහසු වෙනවා ( නැත්නම් vegetable cutlet අනික් ඒවා වගේ නෙවෙයි හදන්න හරි අමාරුයි ). ඉන්පසු එක තරමට ගුලි කර ගන්න. මම හැදුවේ ovel හැඩයට . ගුලි ටික හදා ගන්න නම් හොඳ ඉවසීමක් ඕනා .

ඊටපස්සේ ගුලි ටික පැත්තකින් තියලා batter එක හදා ගන්න . මුලින්ම බිත්තර 2 beat කරලා ඒකට කිරියි පිටියි ටික ටික දමා හොඳින් කලවම් කරන්න , මිරිස් කුඩුයි , ලුණු කුඩුයි යන්තමින් දා ගන්න . ඊට පස්සේ සාදන ලද cutlet බෝල batter එකේ දාල bread crumbs දවටා ගන්න . මම මහන්සිය හා කාල වේලාව නොබලා cutlet එකට පිටත coat දෙකක් දැම්මා . එතකොට ගොඩක් crispy ගතියට එනවා වගේම කැඩෙන්නෙත් නෑ . ( batter එකට ප්‍රමාණ හා bread crumbs ප්‍රමාණ කිව්වේ coat දෙකටම . ඔයාල එක coat එකක් විතරක් දානවා නම් ප්‍රමාණ අඩු කරන්න.) අන්තිමට මේ cutlet බෝල ටික ගැඹුරු තෙලේ බැද ගන්න . ලොකු තාච්චියක ඉඩ ඇතිව cutlet 6,7ක් දාල ඒ ටික වැහෙන ප්‍රමාණයටම තෙල් ගොඩක් දාල ඉවසීමෙන් බැද්දොත් cutlet එකක් වත් කැඩෙන්නේ නැතිව ලස්සනට බැද ගන්න පුළුවන් .

උදේනි ලියන ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


කජු බැදුම
උදේනි ලියන ආරච්චි

කොෆි පන්න කොට්ට
උදේනි ලියන ආරච්චි

පන්නා කොට්ට පුඩින්
උදේනි ලියන ආරච්චි

යෝගට් ජෙලි පුඩිම
උදේනි ලියන ආරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 580
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 416
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20085
පෑන් කේක්
By Indunee Welivita
Views - 18450
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16347
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'