katatarasata.com

 

 

වෙජි කට්ලට් - Vegetable cutlets

- එරන්ද රණසිංහ විසිණි.



අවශ්‍ය දේවල්

🌸 තම්බාගත් අල 250g

🌸 රතුළුෑනු ,අමුමිරිස් ,කරපිංචා

🌸 කහ,ගම්මිරිස්,ලුණු අවශ්‍ය තරම්

🌸 පාන්පිටි 150g

🌸 බිස්කට් කුඩු අවශ්‍ය තරම්

🌸 බැදගැනීමට තෙල්

සාදන අයුරු

🍒 තම්බාගත් අල පොතු ඉවත් කර හොඳින් පොඩිකර ගන්න..

🍒 බඳුනකට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වනවිට හීනියට කපාගත් රතුළුෑනු,අමුමිරිස්,කරපිංචා ටික දමා මදගින්නේ හොඳින් තෙම්පරාදු කරගන්න..

🍒 ඒ අතරතුර කහ,ගම්මිරිස් කුඩු තමන් කැමති ප්‍රමාණයක් දමා රස අනුව ලුණුද දමා පොඩිකරගත් අල ටික එක්කරන්න..

🍒 හොඳින් මිශ්‍ර කර තෙම්පරාදු කරගත් අල මිශ්රණය ලිපෙන් බාගන්න..

🍒 අල මිශ්රණයෙන් තමන් කැමති ප්‍රමානවලින් කට්ලට් බෝල සදාගන්න..

🍒 පාන්පිටි ටික බඳුනකට දමා කහ ස්වල්පයක් ලුණු ස්වල්පයක් දමා තරමක් උකු බැටරයක් සාදාගන්න..

🍒 බිස්කට් කුඩු ටිකද පිගානකට දමාගෙන පසෙකින් තියාගන්න..

(මං නම් බිස්කට් කුඩු කෑලි වගේ තිබුන නිසා සිදුරු තරමක් ලොකු පෙනේරයෙන් හලාගත්තා..)

🍒 දැන් ගුලිකරගත් කට්ලට් බෝල බැටරය ඇති බඳුනට දමා හොඳින් බැටරය තවරාගන්න..

🍒 එය නැවත බිස්කට් කුඩු දමා ඇති පිගානට දමා පිගාන හොඳින් කරකවන්න.. මං තනියෙන් කට්ලට් හදපු නිසා මං කලේ මේ විදිහට..

🍒 බිස්කට් කුඩු දැවටූ කට්ලට් බෝල නැවත පාන්පිටි බැටරයට දමා දෙවෙනි වතාවටත් බිස්කට් කුඩු දවටාගත්තා..

(එහෙම හදන්න ඉගෙනගත්තේ මං දැකල තිබුනා හෝටලේ කට්ලට් හදනකොට මේ විදිහට දෙපාරක් බිස්කට් කුඩු අල්ලනවා.. එතකොට හොඳ ලස්සනට බෝල වගේ කට්ලට් ටික තියෙනවා..)

🍒 කට්ලට් හෙට ඕනිනම් අද රෑ හදල fridge එකේ පහල කොටසේ තියන්න..

🍒 කට්ලට් බදින්න විනාඩි 10කට වගේ කලින් fridge එකෙන් ඉවතට අරන් තාච්චියක් ලිපතබා ගැඹුරු තෙලේ,, අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැදගන්න..

එරන්ද රණසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


වන්ඩු
එරන්ද රණසිංහ

වෙජි කට්ලට්
එරන්ද රණසිංහ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 580
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 416
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20085
පෑන් කේක්
By Indunee Welivita
Views - 18450
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16347
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'