katatarasata.com

 

 

කට්ලට් - Cutlets

- අනූ හෙට්ටිආරච්චි විසිණි.



මෙහෙම හදමු.

තම්බා පොඩිකරගත් අල 500g

ලුනු ගම්මිරිස් කහ ටිකක් සහ ගොරකා කෑල්ලක් දමා තම්බා ගත් චිකන් බ්රෙස්ට් 250g

සිහින්ව කපාගත් රතුළුෑනු අමුමිරිස් සහ කරපිංචා ටිකක්

හොඳින් තලාගත් සුදුලූනු බික් පහක්

රස අනුව ලුනු ගම්මිරිස් කුඩු

මිරිස් කුඩු තේහැඳි බාගයක්

බිත්තර දෙකක්

පාන්කුඩු

⁣පොල්තෙල්

⁣තෙල් මේස හැඳි තුනක් රත් කර එයට තලාගත් සුදුලූනු ටික දමා බැදෙන්නට හරින්න.

එයටම සිහින්ව කැපූ රතුළුෑනු අමුමිරිස් සහ කරපිංචා එකතු කරන්න.

තමිබා ගත් මස් ටිකද වතුර පෙරා ග්රයින්ඩ් කර එයටම එකතු කරන්න.

දැන් රස අනුව ලුනු ගම්මිරිස් සහ කහ කුඩු ස්වල්පයක් ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න.

එයටම තම්බා තරමක කෑලි සිටින සේ පොඩිකරගත් අල ටිකද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

දැන් මෙය නිවෙන්න තබන්න.

නිවුන පසු දෙහිගෙඩිවක පමන තරමේ ⁣බෝල සාදාගන්න.

දැන් බිත්තර දෙක කඩා බඳුනකට දමා මිරිස් කුඩු තේහැඳි බාගයද ලුනු ස්වල්පයක් ද දමා මිශ්‍ර කරගන්න.

සදාගත් කට්ලට් බෝල මෙම බිත්තර සාරැ මිශ්‍රණයේ තවරා පාන්කුඩු වල දවටා ගන්න.

**මේ ආකාරය ට දෙවරක් කිරීමෙන් බැදීමෙන් පසු කට්ලට් වල ක්රිස්පි ගතිය වැඩිවේලාවක් තබා ගතහැක.**

අවසානයට හොඳින් රත් වූ ගැඹුරැ තෙලෙහි කට්ලට් ටික දමා රන්වන් පැහැයට බැදගන්න.

වැදගත් :-

හොඳින් රත් වූ තෙලට දමා බැදගත් විට කට්ලට් පුපුරා යෑමෙන් වලක්වා ගත හැක.

තවද එකවර වැඩි ප්රමානයක් තෙල් තාච්චියට දැමීමෙන් ද කට්ලට් පුපුරයි.

තෙල් වල මුඩු ගතිය තිබීම ද කට්ලට් පිපිරීමට හේතුවකි.

එවැනි තෙලක් බව දැනගත්තොත් පිසගත් බත් ස්වල්පයක් හෝ පාන් කැබැල්ලක් හොඳින් බැද ඉවත් කර කට්ලට් බදින්න.

කිසිවිටෙකත් බැදගත් ආහාර වල තෙල් බේරීම සඳහා පත්තර කොල බාවිතා නොකරන්න. පත්තර මුද්‍රණය කරන තීන්ත සහ කාබන් ආහාරයට එකතු වීම ශරීරයට අහිතකරයි.

අනූ හෙට්ටිආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


ක්ෂණික වෙඩින් කේක් , ක්‍රිස්මස් කේක් , රිච් කේක්
අනූ හෙට්ටිආරච්චි

සීනි සම්බෝල පාන්
අනූ හෙට්ටිආරච්චි

මීට් බෝල්ස් බ්‍රෙඩ්
අනූ හෙට්ටිආරච්චි

සීනි බනිස්
අනූ හෙට්ටිආරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 580
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 415
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20085
පෑන් කේක්
By Indunee Welivita
Views - 18447
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16346
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'