katatarasata.com

 

 

කට්ලට් - Cutlets

- මුදිතා මුදිතා විසිණි.



මේකට මම ගත්තේ සාමාන්ය ප්රමානයේ අල ගෙඩි 5ක්

දියර රහිත බර 280g ක mackerel canned fish1ක්

බිත්තර 3ක සාරු.

අනිත් ඒවනම් හිතේ පදමට සහ රස අනුව හොඳේ..

මුලින්ම අල තම්බා පොඩිකරගන්න...(සෝදා පිරිසිදු කරගත් අල හොඳේ)

ටින්මාළු එක කඩා දිය බේරෙන්නට තියන්න...(මාළු හොඳට වියළිව ගන්නේ මම)

ලොකු ළූනුගෙඩි බාගයක් chopකරගන්න.

සුදු ළූනු සහ අමු මිරිස් chop කරගන්න.

දැන් ටින් මාළු ටික කුඩා කැබලි වලට කඩා ගන්න.

හරි..දැන් ඉඩ අැති බඳුනක් අරගෙන ලිපතබා තෙල් ස්වල්පයක් දමාගන්න.

රත්වු තෙලට පිළිවෙලින් රම්පෙ,කරපිංචා,කුරුදු පොතු කැබැල්ලක්,සුදු ළූනු දමා බැදගන්න.

ළූනුටික දමා බැදගන්න...දැන් හරිම සුවඳයි ඔන්න..

මේ වෙලාවෙදි මාළු ටික එක්කරගන්න.

පසු එයට රසපදමට ලුණු,ගම්මිරිස්කුඩු දමා mix කරගන්න.(මම නම් ගම්මිරිස් ටිකක් වැඩිපුර දානවා.දැවිල්ලට කද්දි කට්ලට් හරිරසයි)

සුදුරු ටිකක් මදක් අතින පොඩිකර මෙයටම දමා පසු අල ටික එක්කර ගන්න.

දැන් මිශ්රණය හොඳ පදමට අා පසු ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තියන්න..

හොඳින් නිවුන පසු එකම ප්රමානයේ කුඩා බෝල සාදාගන්න.(කියන්න අමතක වුණා.අල ටික දමන්නට කලින් මම කුරුදුපොතු කැබැල්ල ඉවත්කරගන්නවා..)

බෝල හදාගන්න අවස්ථාවේ රම්පෙකැබලි ටික ඉවත් කරගන්න.

දැන් ගසාගත් බිත්තර සාරුවල දවටමින් පාන්කුඩු වල පෙරලා පසෙකින් තබාගන්න.(මම නම් අඟිලි දෙකෙන් අල්ලමින් සැහැල්ලුවට අතහරිමින් පාන්කුඩු හොඳින් දවටාගන්නවා.)

දැන් එකින්එක නැවත බිත්තර සාරුවල දවටා පාන්කඩු අතින් පෙරළමින් හැඩය ගන්න.බෝල අාකාරයට හෝ මේ හැඩයට කැමතිනම් මේ හැඩයට අතින් පෙරළමින් ෂේප්කරගන්න.මතක තියාගන්න මේ අවස්ථාවෙ නම් එක වරකට එකබැගින් හදා ගන්න.මෙසේ සකසා ගත් කට්ලට් ටික එවෙලාවේම හෝ තමන්ට කැමති වෙලාවක ගැඹුරු තෙලේ බැදගන්න.මමනම් කලින්දවසේ රෑ හදාගත්ත ටික ශීතකරනයේ දමා පසුදින උදේ තමයි බැදගත්තේ...

මුදිතා මුදිතා ගේ වෙනත් කෑම වට්ටෝරු


කඩල/ මුං කැවුම්
මුදිතා මුදිතා

කලු දොදොල්
මුදිතා මුදිතා

කට්ලට්
මුදිතා මුදිතා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 580
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 416
පාන්
By Priyanthi Tissera
Views - 474
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20085
පෑන් කේක්
By Indunee Welivita
Views - 18450
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16347
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'