katatarasata.com

 

 

සව් කන්ජි

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

සව්හාල්
පොල් වල දිය කිරි
පොල් වල මිටිකිරි 
මුංඇට - පොගවා ගන්න ( සව් ගන්න ප්‍රමාණයෙන් 1/4 ප්‍රමාණයක් විතර මුංඇට ) 
සීනි රස අනුව
කජුමද - කුඩාවට කපා (අවශ්‍ය ප්‍රමාණයට ගන්න, වැඩිවන තරමට රසයි grin emoticon )
වියළි මිදි ( අවශ්‍ය ප්‍රමාණයට ගන්න )
ලුණු 
හාල් පිටි ටිකක් ( ලොකු ප්‍රමාණයක කන්ජි හදනවා නම් කන්ජි එකේ උකු ගතිය ගැනීමට යොදයි )

සාදන ක්‍රමය -

1. මුලින්ම මුංඇට වලට අවශ්‍ය පමණ වතුර තබා තම්බා ගන්න. 
2. මුංඇට 3/4ක ප්‍රමාණයට පමණ තැම්බුන විට එයට සව් එකතු කර ගන්න. ( මුංඇට වතුර තිබෙන විටම )
3. ඒ සමගම දියකිරිත් එක්කර ගන්න. ( සව් හා මුංඇට හොදින් තැම්බීමට අවශ්‍ය පමණ. ටිකක් වැඩි වුනාටත් කමක් නෑ )
4. සව් හා මුංඇට තැම්බුන විට එයට සීනි හා ලුණු ටිකක් එක්කර ගන්න. ( සව් කන්ජි වල රස එන්න සීනි වගේම ලුණු ටිකකුත් එකතු වෙන්න ඕන )
5. සීනි දිය වූ විට මිටිකිරි හා කජු, වියළි මිදි මිශ්‍රකර ගන්න.
6. උතුරවා ගන්න. 

මෙය පිසින විට නිතරම හැදිගාන්න. නැත්නම් සව් අඩිය අල්ලන්න පුළුවන්.

මෙහිදි වැඩිපුර දියර ගතියක් තියෙන්න පිස ගන්න. 
මිටිකිරි ගොඩක් උකුවට ගන්න එපා. 
සව් එක නිවෙන විට උකු වෙනවා. එතකොට අපි ගොඩක් උකුවට සව් එක හදා ගත්තොත් සව් එක ටිකක් නිවෙන විට කැටි වෙනවා. එතකොට සව් කන්ජි බොන්න බෑ. කන්න තමා වෙන්නෙ grin emoticon කන්න කැමති කෙනෙකුට උකුවට හදාගෙන කැටි වෙන්න හරින්න පුළුවන්.

# හාල් පිටි දාන්නෙ මිටිකිරි දානකොටම. ලොකු ප්‍රමාණයක කන්ජි එකක් හදනවා නම් මිටිකිරි ටිකක් වැඩිපුර දියට අරගෙන හාල්පිටි ටිකක් ඒකටම මිශ්‍ර කරනවා උකු වෙන්න. රසයෙ වෙනසක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් කන්ජි වලට හාල්පිටි එකතු කරනවා සමහර රෙසිපි වල.

ගෙදර පොඩි ප්‍රමාණයක් හදන වෙලාවට නම් හාල්පිටි ඕන නෑ. 

## මේකට සීනි වගේම හකුරු, කිතුල් පැණි එකතු කරන්නත් පුළුවන්.
අද මට හකුරු තිබුනෙ නැති නිසා මම සීනි තමා දැම්මෙ.

ඔයාලත් එහෙනම් සව් කන්ජියක් බීලම රෙසිපි එකත් අරගෙනම යන්නකෝ

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3019
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1216
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1847
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3012
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2342
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11425
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11263
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8047
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7859
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'