katatarasata.com

 

 

නාසි ගුරන්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



නාසි ගුරන් හෙවත් ඉන්දුනීසියානු ප්‍රයිඩ් රයිස්.හදන විදි ගොඩාක් තියෙනවා මම හැදුවේ මෙහෙමයි.අවශ්‍ය ද්‍රව්‍ය වෙනම ලිව්වෙ නැහැ ප්‍රමාණ්ත් එහෙම මැනලා ගත්තෙ නැහැ තමන්ට අවශ්‍ය ගානට දාන්න.
1.මුලින්ම බත සකස් කරන විදිහ බලමු.
ස්ටික් රයිස් හැර ඕනෑම සහල් වර්ගයක් සෝදා වතුර පෙරාගන්න.
රයිස් කුකරයක උයනවා නම් ඒ භාජනයට හෝ ලිපේ උයනවා නම් භාජනයක් ලිපෙ තියලා බටර් හෝ තෙල් පොඩ්ඩක් දාලා රත් වෙනකොට හාල් ටික දාන්න.කපු රෙදි කෑල්ලකට සූදුරු ටිකක් එනසාල් කරාබු නැටි කෑලි කපා ගත් රම්ප කොල ටිකක් ගම්මිරිස් ඇට කිහිපයක් සහ ඉගුරු කෑල්ලක් දාලා පොට්ටනියක් වගෙ හදාගෙන බතට දාන්්න.අවශ්‍ය ප්‍රමාණයට වතුර සහ ලුනු දාලා බත පිසගෙන වෙනත් භාජනයකට දාලා බත් ඇට වෙන් වෙන්ව සිටින කැට සේ ලිහාගන්න. 
ඊලගට 
2.නාසි ගුරන් බතට දාන මිරිස් පේස්ට් එක හදමු.
වියලි මිරිස් කරල් කිහිපයක් ගම්මිරිස් ඇට කිහිපයක් ලුනු ඉගුරු සුදුලූනූ ලූනු තෙලේ බැදගත් කූනිස්සො කිහිපයක් විනාකිරි පොඩ්ඩක් සහ සීනි පොඩ්ඩක් දාලා බ්ලෙන්ඩර් එකෙන් අඹරාගන්න.
ඊලගට 
3.නාසි ගුරන් බත හදමු .
භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා බිත්තරයක් කඩලා දාලා කූරු ගාගෙන එය වෙනම පසෙකින් තබාගන්න.එම භාජනයටම තෙල් පොඩ්ඩක් දාලා බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය දාන්්න .අනතුරුව සෝයා සෝස් ටිකක් සහ ඔය්ස්ටර් සෝස් ටිකක් එකතු කරගන්න.
ඊලගට පොඩියට කපාගත් කටු රහිත මස් එකතු කර මස් ඉදෙනකොට පිලිවෙලින් කැරට් වගේ ප්‍රයිඩ් රයිස් වලට අපි එකතු කරන ඕනෑම එළවළුවක් නාසි ගුරන් වලටත් දාන්න පුලුවන්.එළවළු දැමීමේදී පිසීමට ගත වන කාලය අනුව එකතුකර ගන්න මතක තබා ගන්න.ඊලගට පිසගත් බත් ටිකත් 
කූරු ගා ගත් බිත්තර ටිකත් එකතු කර රස අනුව ලුනු ගම්මිරිස් දාගන්න.
4.සාමාන්‍යයෙන් පිලිගැන්වීමේදි බැදගත් බිත්තරයක් සමග තමය් පිලිගන්වන්නේ.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 529
දියබත්
By Ishara Sajani Kavinga
Views - 207

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 391
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 698
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8339
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7832
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7456
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5772
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5692
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'