katatarasata.com

 

 

ස්ට්‍රෝබෙරි මූස් කේක් - Strawberry mousse cake

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



ස්ට්‍රෝබෙරි මූස් කේක් /

Strwberry mousse cake

# (1).. බ්‍රවුනීස් ලේයර් එක සදහා,

අවශ්‍ය ද්‍රව්‍ය -

පිටි 105g ( කප් 3/4 / අවුන්ස 3 1/3 )

කොකෝවා පවුඩර් - රස නොකල 70g ( කප් 2/3 / අවුන්ස 2 )

ලුණු තේ හැදි 1/2

බේකින් පවුඩර් තේ හැදි 1/2

ලුණු රහිත බටර් 112g ( අවුන්ස 4 )

සීනි 230g ( කප් 1 මේස හැදි 2 / අවුන්ස 7 3/4 )

ලොකු බිත්තර 2

වැනිලා තේ හැදි 2

සාදන ක්‍රමය -

1. අගල් 9 විශ්කම්භයක් ඇති තැටියක් තෙල් කඩදාසි හෝ පාච්මන්ට් දමා සකස්කර ගන්න.

2. පිටි, බේකින් පවුඩර්, ලුණු හා කොකෝවා පවුඩර් හලා භාජනයකට දමාගන්න.

3. බටර් භාජනයකට දමා අඩු ගින්දරේ රත්කර බටර් දියවන විට සීනි එකතුකර දියකර ගන්න. උතුරවා නොගන්න.

මෙහිදී සීනි හොදින් දියවීම අවශ්‍ය නැත.

4. භාජනය ලිපෙන් ඉවත්කර මිශ්‍රණය ඇල්මැරුන ගතියට නිවෙන්නට හරින්න.

5. නිවුන විට සීනි මිශ්‍රණය බීට් කරමින් එක බිත්තරයක් බැගින් එකතු කරමින් හොදින් බීට් කරගන්න.

මුලින් කැට ගතිය බීට් කරන විට නැතිවී දිලිසෙන මෘදු ගතියකට පත්වේ.

6. වැනිලා එක්කර ගන්න.

7. මෙයට පිටි මිශ්‍රණය එක්කර ස්පැටියුලා එකකින් හෝ පත්තකින් කලවම්කර ගන්න. බීට් කරන්න එපා.

8. මිශ්‍රණය සාදාගත් තැටියට දමා බේක් කරගන්න.

350c° - විනාඩි 22 -24 අතර .

විනාඩි 15කට පසු ටූත් පික් එකක් ගසා බලන්න. අවන් අනුව කාලය වෙනස් විය හැක.

--------------------

# (2).. චොක්ලට් මූස් සදහා,

අවශ්‍ය ද්‍රව්‍ය -

ඩාර්ක් චොක්ලට් 252g ( අවුන්ස 9 )

Semi- sweet chocolate ගතහැක.

හෙවි ක්‍රීම් ( නැත්නම් විප්ක්‍රීම් ගන්න ) 410g ( කප් 1 3/4 )

ලුණු පිංචක්

රස නොකල ජෙලටින් තේ හැදි 2

වතුර මේස හැදි 2

සාදන ක්‍රමය -

1. චොක්ලට්, ක්‍රීම් කප් 3/4 ( 175g ), ලුණු එකට දමා මයික්‍රොවේව් එකේ තත්පර 30ක් රත්කර ගන්න. එය ඉවතට ගෙන මිශ්‍රකර ගන්න. මෙසේ තත්පර 30 බැගින් කිහිප සැරයක් දමා චොක්ලට් දියකර ගන්න.

මයික්‍රොවේව් නැතිනම් ඩබල් බොයිල් කර දියකර ගන්න.

2. එය ලොකු භාජනයකට දමා නිවෙන්නට තබාගන්න.

3. ජෙලටින් වතුර සමග මිශ්‍රකර මයික්‍රොවේව් දමා තත්පර 15ක් රත්කර දියකර ගන්න.

නැත්නම් ඩබල් බොයිල් කරගන්න.

4. එය චොක්ලට් මිශ්‍රණය සමග එක්කර හොදින් විස්ක් කරගන්න.

5. ඉතිරි හෙවි ක්‍රීම් බීට් කර ගන්න.

6. බීට් කල හෙවි ක්‍රීම් චොක්ලට් මිශ්‍රණයට දමා පරිස්සමින් හොදින් කලවම්කර ගන්න.

--------------------

# (3).. ස්ට්‍රෝබෙරි මූස් සදහා,

අවශ්‍ය ද්‍රව්‍ය -

ස්ට්‍රෝබෙරි කප් 1 1/2 ( 300g)

* රාස්බෙරි නම් කප් 1 1/2 = 190g

වයිට් චොක්ලට් 252g ( අවුන්ස 9 )

හෙවි ක්‍රීම් ( විප් ක්‍රීම් ) 350g ( කප් 1 1/2 )

ලුණු පිංචක්

රස නොකල ජෙලටින් තේ හැදි 2

වතුර මේස හැදි 2

රෝස පාට කලරින් ටිකක් ( අවශ්‍යම නැත )

සාදන ක්‍රමය -

1. ස්ට්‍රෝබෙරි කප් 1/2ක් බ්ලෙන්ඩ් කරගන්න. එය ඇට ඉවත් වන්නට පෙරාගන්න.

2. එයින් කප් 1/4ක් මැනගන්න. ටිකක් වැඩි වුනාට කමක් නෑ

3. චොක්ලට්, ස්ට්‍රෝබෙරි පියුරෙ, හෙවි ක්‍රීම් කප් 1/2 (116g), ලුණු එකට දමා මයික්‍රොවේව් දමා චොක්ලට් මූස් එක මෙන් දියකර ගන්න.

4. චොක්ලට් දියකරගත් පසු චොක්ලට් මූස් එකේ 2වෙනි පියවරේ සිට 6 දක්වා පිළිවෙලට කර මූස් එක සාදාගන්න.

5. අවසානයේ ඉතිරි ස්ට්‍රෝබෙරි කුඩා කෑලි කපා මිශ්‍රකර ගන්න.

# අවශ්‍යනම් රෝස කලරින් ටිකක් මිශ්‍රකර ගන්න.

--------------------

# (4).. වැනිලා මූස් සදහා,

අවශ්‍ය ද්‍රව්‍ය -

වයිට් චොක්ලට් 252g ( අවුන්ස 9 )

හෙවි ක්‍රීම් ( විප්ක්‍රීම් ) 350g ( කප් 1 1/2 )

පැණි මේස හැදි 4 (මී පැණි , ගෝල්ඩන් සිරප් )

ලුණු පිංචක්

රස නොකල ජෙලටින් තේ හැදි 2

වතුර මේස හැදි 2

වැනිලා තේ හැදි 2 ( වැනිලා බීන් පේස්ට් ගතහැක )

සාදන ක්‍රමය -

1. චොක්ලට්, හෙවි ක්‍රීම් කප් 1/2 (116g), පැණි, ලුණු පෙර ලෙසම මයික්‍රොවේව් දමා දියකර ගන්න.

2. ඉන්පසු චොකලට් මූස් සාදාගත් පියවර 2 සිට 6 දක්වා පිළිවෙලට කර මූස් එක සාදාගන්න.

# මෙහිදී චොක්ලට් මිශ්‍රණය දියකර ගත්පසු වැනිලා එක්කර ගන්න.

--------------------

# (5).. අවසන් පියවර සදහා,

අවශ්‍ය ද්‍රව්‍ය -

* ගනාශ් එක සදහා -

ඩාර්ක් චොක්ලට් 112g (අවුන්ස 4 )

Semi-sweet chocolate ගතහැක

හෙවි ක්‍රිම් ( විප්ක්‍රීම් ) 112g ( අවුන්ස 4 )

සාදන ක්‍රමය -

ක්‍රීම් එක උණුකර එයට චොකලට් දමා හොදින් දියකර ගන්න. එය ටිකක් උකු වනතුරු ලිපතබා ගන්න.

නිවෙන්නට හරින්න.

---------------------

* සැරසීම සදහා,

ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි

චොක්ලට් හෝ අවශ්‍ය දෙයක්

--------------------

## මූස් කේක් එක පිළිවෙලට සකස්කර ගැනීම,

1. අගල් 9 විශ්කම්භයක් ඇති අගල් 3ක් පමණ උස අඩිය ගැලවිය හැකි තැටියක් ගන්න.

2. තැටියේ වටේ බිත්තිය අගල් 4 1/2 ක් උසට සාදාගන්න. එය තෙල් කඩදාසි , ෆොයිල් , පාච්මන්ට් , වැක්ස් කොලයක් මගින් කරගන්න.

3. තැටියේ අඩියට කේක් බෝඩ් එක දමාගන්න.

4. ඒ උඩින් බ්‍රවුනීස් ලේයර් එක දමාගන්න.

5. බ්‍රවුනීස් එක උඩින් චොක්ලට් මූස් එක දමා තුනීකර ගන්න.

6. දැන් එය විනාඩි 25ක් පමණ ශීතකරණයේ තබාගන්න.

7. මෙය සෙට් වීමට ආරම්භ වන විට ( විනාඩි 15කට පසු ) ස්ට්‍රෝබෙරි මූස් එක සාදාගන්න.

8. සෙට් වූ චොක්ලට් මූස් එක උඩින් ස්ට්‍රෝබෙරි මූස් දමා තුනීකර ගන්න.

9. එයද විනාඩි 25ක් ශීතකරණයේ තබාගන්න.

10 ස්ට්‍රෝබෙරි මූස් එක සෙට් වන විට වැනිලා මූස් එක සාදාගන්න.

11. වැනිලා මූස් එකද දමා තුනීකර ශීතකරණයේ තබාගන්න.

12. සෙට් වූ කේක් එක තැටියෙන් ගලවා කේක් බෝඩ් එක සමග එළියට ගන්න.

13. හොදින් නිවුන චොක්ලට් ගනාශ් උඩින් වත්කර ස්ට්‍රෝබෙරි හා චොක්ලට් වලින් සරසා ශීතකරණයේ තබා ගනාශ් එක සෙට් කරගන්න.

14. කෑමට ගැනීමට පෙර විනාඩි 10ක් පමණ එළියේ තබාගන්න. මේ මූස් එක දිය නොවේ.

15. මෙම කේක් එක හොදින් වසා සතියක් ශීතකරණයේ තබාගත හැක.

## මෙයට ස්ට්‍රෝබෙරි වෙනුවට රාස්බෙරි යොදා රාස්බෙරි මූස් කේක් එකක් සාදාගහැක.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'