katatarasata.com

 

 

බටර් අයිසින් - Butter Icing

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



සොෆ්ට් බටර් අයිසින් ..

අවශ්‍ය ද්‍රව්‍ය -

බටර් 200g

අයිසින් සීනි මේස හැදි 8 ( හලාගත් )

සාදන ක්‍රමය -

1. මුලින්ම බටර් එක සාමාන්‍ය කාමර උෂ්ණත්වයෙන්, ඝන තත්වයෙන් ගෙන හොදින් බීට් කරන්න.

2. දැන් අයිසින් සීනි හැදි 8 වරින් වර දමමින් හොදින් බීට් කරන්න.

* මෙහිදී ක්‍රීම් ගතියට මිශ්‍රණය ආ යුතුයි. තෙල් පෑදීමක් සිදු නොවිය යුතුයි.

#මෙයින් බොහොම ටිකයි කේක් එකේ තවරාගන්නෙ. ඉතුරු ටිකට අයිසින් එකතු කරලා බටර් අයිසින් හදාගන්න පුළුවන් ..

( ෆොටෝ පහත දමා ඇත. )

---------------

(ii). බටර් අයිසින් ( පයිපින් අයිසින් )..

( කේක් එකක් සාමාන්‍ය විදියට අයිසින් කරන අයිසින් එක )..

අවශ්‍ය ද්‍රව්‍ය -

බටර් 200g

අයිසින් සීනි 400g ( හලාගත් )

වැනිලා ස්වල්පයක් ( අවශ්‍යම නැත )

සාදන ක්‍රමය -

1. මුලින්ම ඉහත සදහන් පරිදි බටර් ගෙන හොදින් ක්‍රීම්කර ගන්න.

2. දැන් එයට අයිසින් සීනි ටික ටික එක්කරමින් හොදින් ක්‍රීම් එකක් ලෙස බීට්කර ගන්න.

* අයිසින් එක බීට් කරන අතරතුර වැනිලා එක්කරගත හැක.

* අයිසින් එක සෑදූ පසු වර්ණ , එසන්ස් වර්ග ආදිය එක්කර ගන්න අවශ්‍ය ලෙස.

* මෙහිදී මිශ්‍රණය පයිප් කිරීමට හැකි පරිදි ක්‍රීම් ගතියට ආ යුතුයි. මිශ්‍රණයේ තෙල් ගතියක් ඇති නොවිය යුතුයි.

#මේ ප්‍රමාණයෙන් කේක් කිලෝ එකකට ලස්සනට මෝස්තරයක් දාන්න පුළුවන්.

( ෆොටෝ පහත දමා ඇත. )

---------------

(iii). හාඩ් බටර් අයිසින් ..

බටර් අයිසින් එකටම අයිසින් සීනි තවත් එක්කරමින් අතේ නොඇලෙන පදමට, ක්‍රීම් ගතියක් නැතුව අයිසින් මිශ්‍රණය සාදාගන්න.

* මෙම අයිසින් අතින් ගෙන නිර්මාණ කරගත හැක.

* සාදාගත් අයිසින් කැමති ලෙස වර්ණ ගන්වා ගන්න. දියර වර්ණ වලින් තෙත් ගතියක් එනවානම් අයිසින් සීනි ටිකක් එක්කර ගන්න.

---------------

##අයිසින් සැකසීමේදී ,

* කාමර උෂ්ණත්වයේ ඇති, තෙල් නොපෑදුන, දිය නොවුන, ඝන තත්වයේ ඇති ශීතල අයිසින් භාවිතා කරන්න. එවිට අයිසින් මිශ්‍රණය නියම තත්වයෙන් සාදාගන්න පුළුවන්.

* ගොඩාක් රස්නෙ දවස්වලට අයිසින් සාදන විට සමහර වෙලාවට යොදාගත යුතු අයිසින් සීනි ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න පුළුවන්. එයට හේතුව රස්නෙ ගතිය හේතුවෙන් බටර් වල දියර ගතිය ටිකක් වැඩි වීමයි. තෙල් ගතිය ..

* අයිසින් සෑදීමේදී අයිසින් එක ඝනකමින් වැඩි වුනොත් බය නොවී බටර් ස්වල්පයක් එක්කර අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණය සකසා ගන්න. අයිසින් කල හැකි පදමට.

* අයිසින් එක දිය ගතිය වැඩි වුනොත් අයිසින් සීනි එක්කර අවශ්‍ය ප්‍රමාණය මිශ්‍රණය සකසා ගන්න. අයිසින් කල හැකි පදමට.

* අයිසින් එකක් බීට් කිරීමේදී තෙල් පෑදුන බටර් එක්කිරීමෙන් අයිසින් එකේ තෙල් ගතියක් ඇතිවේ.

* නිතරම ඉක්මනින්, හොදින් ක්‍රීම් වනතුරු අයිසින් එක බීට් කරගන්න.

* සෑම විටම අයිසින් සීනි හලා භාවිතා කරන්න.

* සාමාන්‍යයෙන් බටර් අයිසින් වල ප්‍රමාණය වෙන්නෙ බටර් වගේ දෙගුණයක් අයිසින් සීනි යන අනුපාතයයි.

* මාවො බටර් වලින් සාමාන්‍ය බටර් රසක් ගන්න බෑ . මාවො බටර් ගන්නෙ අයිසින් එකට ඒකෙන් හැදෙන අයිසින් එක සුදුපාට නිසා වර්ණ දැම්මම නියම වර්ණයන් අයිසින් එකට ලබාගන්න පුළුවන් නිසා.

*************** 🎂🎂

##කේක් එකක් අයිසින් කරමු..

1. මුලින්ම හොදින් නිවුන, රස්නෙ චුට්ටක්වත් නැති කේක් එක ගෙන, වැඩිපුර කේක් එකේ මතුපිට ඇති කුඩු පිසදමා, අවශ්‍ය හැඩයක් ඇත්නම් එය සකසා, කේක් බේස් එකක් මත තබාගන්න.

* කේක් එකේ උඩ පොත්ත කර ගතියක් ඇත්නම් පොත්ත සෙමින් ඉවත්කර ගන්න.

* කේක් එකේ උඩ හැඩයට වඩා යට එක මට්ටමට ඇත්නම් කේක් බේස් එකමත තබන විට උඩ යට මාරුකර ගන්න පුළුවන්. ගොඩක් පෙනෙන ලෙස සමානව නැත්නම් මතුපිට එය කපා එක ගානට ලෙවල් කරගන්න. නැත්නම් කේක් එක මතුපිට ඇදේට පේනවා.

2. දැන් අපි මුලින්ම හදාගත්ත සොෆ්ට් බටර් අයිසින් ටිකක් ගෙන කේක් එකේ මතුපිට හොදින් සීල් වනලෙස තවරා ගන්න.

* මෙහිදී අයිසින් එක මගින් කේක් එකේ මතුපිට සීල් වීමක්, එමගින් කේක් එකේ කුඩු හැලීම් නැවතීමක් සිදුවේ.

* තවද බටර් අයිසින් කේක් එකේ හොදින් රැදී තිබීමටත් උපකාරී වේ. බටර් අයිසින් ගැලවී වැටීමක් මේ නිසා සිදු නොවේ.

* මේ අයිසින් එක මගින් කේක් එකේ මෝස්තර සදහා අඩුපාඩු කොටස් සම්බන්ධ කර අලවා ගත හැක.

( ෆොටෝ පහත දමා ඇත. )

2. දැන් කේක් එක බටර් අයිසින් / හාඩ්බටර් අයිසින් මගින් අවශ්‍ය ලෙස අලංකාර කරගන්න.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15276
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'