බටර් ක්‍රීම් - Butter cream frosting
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
අවශ්‍ය ද්‍රව්‍ය -
* සිරප් එකට,
සීනි 180g
වතුර 375g
ලික්විඩ් ග්ලූකෝස් 12g
* අයිසින් එකට,
බිත්තර 180g ( මේක සම්පූර්ණ බිත්තර එකතු කරන බටර් ක්‍රීම් රෙසිපි එකක් )
සීනි 75g
බටර් 375g
වැනිලා තේ හැදි 1 - 1, 1/2 ක්
අවශ්‍ය වර්ණක
සාදන ක්‍රමය -
1. සීනි හා බිත්තර හොදින් ක්‍රීම් කරගන්න. ( සොෆ්ට් පීක් / Soft peak ස්ටේජ් එකට )
2. සිරප් එකේ ද්‍රව්‍ය ලිපතබා රත්කර ගන්න. වතුරට ටිකක් දැමූ විට ගුලි වෙන මට්ටම / soft ball stage වනතුරු ..
3. බීට් කල බිත්තර මිශ්‍රණයට උණුකර ගත් සිරප් එක උණුවෙන්ම සාදාගත් විගසම හොදින් මිශ්‍රකර, නූලක් ආකාරයට දමමින් හොදින් බීට්කර ගන්න.
** මෙහිදී බිත්තර කැටි නොගැසෙන්න හොදින් වේගයෙන් බීට් කල යුතුයි. බිත්තර කැටි වුවහොත් අයිසින් එක සෑදීමෙන් පලක් නැත.
4. සිරප් එක දමා අවසන් වූ පසුත් මිශ්‍රණය නිවෙන තුරු එක දිගටම හොදින් බීට්කර ගන්න.
5. බීට් වී හොදින් සිසිල් වූ මිශ්‍රණයට ශීතකරණයේ තිබූ බටර් ගෙන කෑලි කපා එක්කර හොදින් බීට්කර ගන්න.
** මෙය මුලින්ම දියර ගතියක් ගත්තත් හොදින් බීට් වනවිට ක්‍රීම් එකක් මෙන් සෑදේ. දිලිසෙන ගතියක් ඇතිවේ.
6. දැන් මෙයට වැනිලා එක්කර හොදින් බීට්කර ගන්න.
7. මිශ්‍රණය හොදින් ක්‍රීම් වූ පසුව අවශ්‍ය ලෙස වර්ණ එක්කර ගන්න.
##මේ බටර් ක්‍රීම් එක බටර් අයිසින් වගේ ගොඩක් පැණිරස නෑ . වැඩිපුර පැණිරස අවශ්‍ය නම් බිත්තර බීට් කරන මිශ්‍රණයට තවත් සීනි හැදි 2-3ක් එක්කර ගන්න.
##උෂ්ණ දේශගුණය ඇති රටවල , අපේ වගේ බටර් ක්‍රීම් එක සාදා අයිසින් කරන විට අතේ රස්නයත් හේතුවෙන් දිය වගේ දැනෙනවා නම් ශීතකරණයේ ටිකක් තබා නැවත අයිසින් කිරීමට ගත හැක.
##වෙළදපලේ ඇති බොහෝ කේක් වර්ග අයිසින් කර ඇත්තේ මේ බටර් ක්‍රීම් එක මගිනි.
##කේක් එක අයිසින් කලපසු දවසක් දෙකක් තබනවානම් චිලර් එකක හෝ ශීතකරණයේ තබාගන්න. පැය කිහිපයක් වුවත් ශීතකරණයේ තබා ගැනීමෙන් බටර් ක්‍රීම් එක ඝනකමට ( හයිය නොවේ ) ලස්සනට තබාගත හැක. සාමාන්‍යයෙන් බටර් ක්‍රීම් සාමාන්‍ය උෂ්ණත්වයේදී යන්තමින් බටර් අයිසින් වලට වඩා ක්‍රීම් ගතියක් ගනී.
##දින ගනනක් තබා ගන්නවානම් අනිවාර්යයෙන්ම චිලර් එකක හෝ ශීතකරණයේ තබාගන්න. අයිසින් එකට බිත්තර එක්කරන බව හොදින් මතක තබාගන්න.
##සැහැල්ලුවෙන් පරිහරණය කලහැකි ලේසිම අයිසින් වර්ගයකි.
##යොදන වර්ණත් ලස්සනට පෙනෙන අයිසින් එකකි. ( සරලව බටර් ක්‍රීම් වලින් අයිසින් කල කේක් එකක ෆොටෝ එකක් දමා ඇත. එයට යොදාගෙන ඇත්තේ වර්ණ දෙකක් පමණයි බටර් ක්‍රීම් වර්ණය සමග )
##මේත් බටර් ක්‍රීම් වල එක් වර්ගයක් පමණයි ..
## ෆොටෝ වල දාලා තියෙන කේක් එක වගේ කිලෝ එකේ කේක් දෙකක් මම අයිසින් කලා මේ ප්‍රමාණයෙන් හදාගත්ත බටර් ක්‍රීම් වලින්. හැබැයි මම කේක් එක සැන්විච් කරන්න දැම්මෙ ගොඩාක් තුනීවට ක්‍රීම් ලේයර් එක. වටේටත් කවර් කරන්න දැම්මෙ තුනී ක්‍රීම් ලේයර් එකක්. අයිසින් වැඩිපුර නොකන අයට හදපු නිසා. මෝස්තර දාලා හොදට ක්‍රීම් දාලා සැන්විච් කරන්න කිලෝ එකක කේක් එකකට මේ අයිසින් ප්‍රමාණය ඇති . ටිකක් වැඩි වෙයි ඕනනම්. වටේ සාමාන්‍ය ගානකට කවර් කරන්න විතරයි නම් මේ ප්‍රමාණයෙන් බාගයක් ගන්න
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 52 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11527 |