katatarasata.com

 

 

චොකලට් ගනාශ් - Chocolate ganach

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



චොකලට් ගනාශ් / Chocolate ganach ..

⭐⭐ 1 වන ක්‍රමය -

අවශ්‍ය ද්‍රව්‍ය -

ඩාර්ක් චොකලට් 100g

ෆ්‍රෙෂ් මිල්ක් හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් 50g

සාදන ක්‍රමය -

1. කිරි උණුකර ගන්න.

2. එය උණු වෙනවිට චොකලට් එක්කර උණුකරන්න.

3. උකු පදමට එනතුරු හොදින් හැදිගාමින් පිසගන්න.

4. චොකලට් මිශ්‍රණය පෙරාගන්න.

* මෙය ඩබල් බොයිල් ක්‍රමයට හෝ අඩුම ගින්දරේ ලිපේද සාදාගන්න පුළුවන්.

* ෆ්‍රෙෂ් ක්‍රීම් වලට වඩා ෆ්‍රෙෂ් මිල්ක් වලට ගනාශ් එක උකු වීමට කාලය ටිකක් ගතවේ.

⭐⭐ 2 වන ක්‍රමය -

අවශ්‍ය ද්‍රව්‍ය -

ඩාර්ක් චොකලට් 325g

ෆ්‍රෙෂ් ක්‍රීම් 165g

ෆ්‍රෙෂ් මිල්ක් 60g

සාදන ක්‍රමය -

(1). කිරි හා ෆ්‍රෙෂ් ක්‍රීම් උණුකර ගන්න . උතුරන්න අවශ්‍ය නැත.

(2). එයට චොකලට් කුඩාවට කපා එක්කර, චොකලට් දියවෙන තුරු හොදින් මිශ්‍ර කරමින් ඩබල් බොයිල් කරගන්න.

(3). චොකලට් මිශ්‍රණය පෙරාගන්න.

## ( මෙය ඩාර්ක් චොකලට් 500g, ෆ්‍රෙෂ් ක්‍රීම් 250g, ෆ්‍රෙෂ් මිල්ක් 100g ලෙසද ප්‍රමාණ ගත හැක ) මීට වඩා වෙනස් ප්‍රමාණයන්ද යොදාගන්න රෙසිපි ඇත.

## චොකලට් ගනාශ්,

* කේක් එකක් මතුපිටට එකවරම දමාගත හැක.

* බටර් අයිසින් , බටර් ක්‍රීම් වර්ග , චොකලට් අයිසින් , විපින් අයිසින් වැනි අයිසින් වර්ග හා තවත් බොහෝ අයිසින් වර්ග වලට මිශ්‍රකර අයිසින් රසවත් කරගත හැක.

* චොකලට් දියකර යොදාගන්න කේක් , අතුරුපස , පුඩින් , බේකරි කෑම වැනි බොහොමයක් කෑම වර්ග සදහා යොදාගත හැක.

* වයිට් චොකලට් ගනාශ් හා මිල්ක් චොකලට් ගනාශ්ද මේ ලෙසම සාදාගන්න.

* සෑම විටම චොකලට් දියකර ගන්නා විට ඩබල් බොයිල් කරගන්නවානම් වඩාත් හොදයි. එයට හේතුව චොකලට් දැමූ පසු මිශ්‍රණය ලිප තබා පිසීමේදී එය රත් වීමේදී චොකලට් කර වීමට, පිළිස්සීමට ඇති ඉඩ වැඩියි. බොහෝවිට ආධුනික අයෙකුගේ අතින් .

* කිරි ( ෆ්‍රෙෂ් මිල්ක් ) හා චොකලට් යොදා ගනාශ් සෑදීමේදී ගනාශ් එක උකු වීමට ටිකක් වැඩිපුර කාලයක් ගතවේ.

* සාදාගන්න ගනාශ් සතියක් එකහමාරක් ශීතකරණයේ ගබඩාකර තබාගත හැක.

* කිරි වර්ග සාමාන්‍ය විදියට කිරලා ගන්න . ඒක පහසුයි.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'