katatarasata.com

 

 

බිස්කට් කැනප්ස් - Biscuit canapes

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



Biscuit Canapes ..

අවශ්‍ය ද්‍රව්‍ය -

චීස් බිස්කට් ( මම ගත්තෙ පොඩි බිස්කට් එක )

තම්බපු අල

ක්‍රීම් චීස් හෝ මයොනිස් සෝස් රස අනුව

කිරි ටිකක් ( ෆ්‍රෙෂ් මිල්ක් )

ලුණු රස අනුව

ගම්මිරිස් කුඩු රස අනුව

මිරිස් කුඩු අවශ්‍ය අයට එකතුකර ගන්න පුළුවන්..

ඉස්සො

සාදන ක්‍රමය -

1. ඉස්සො පොතු හැර ලුණු , ගම්මිරිස් දමා පදම් වෙන්න ටික වේලාවක් තබා තෙල් ටිකක් රත්කර එයට දමා රෝස පැහැයට බැදගන්න.

2. අල හොදින් පොඩිකර ක්‍රීම් එකක් මෙන් එයට අනෙකුත් ද්‍රව්‍ය රස අනුව එක්කර උකුවට ක්‍රීම් ගතියට සාදාගන්න.

** මෙයට අවශ්‍ය නම් එළවළු වර්ග , කොළ වර්ග හෝ වෙනත් දෙයක් අවශ්‍ය ලෙස එක්කර ගන්න පුළුවන්.

3. දැන් ස්ටාර් නොසල් එකක් දැමූ පයිපින් බෑගයකට මිශ්‍රණය පුරවා බිස්කට් එකේ මලක් ලෙස පයිප් කරගන්න. ටිකක් උසට එන ලෙස.

4. ඒ උඩින් සාදාගත් ඉස්සෙක් රූපයේ පරිදි තබාගන්න.

* මෑෂ් පොටෑටෝස් අකමැති අයට ක්‍රීම් චීස් හෝ චීස් වර්ගයක් ගන්න පුළුවන්.

* ඉස්සො වෙනුවට බේකන්, හැම් වගේ දේවල් වලින් මලක් හදලා වුනත් තියන්න පුළුවන් ලස්සනට.

# මේක ගොඩාක් සරල දෙයක්. ඒත් මේ දේවල් දාන්න හිතුනෙ අම්මලා අන්තිම මොහොතේ කරන්න ලේසි දේවල් හොයන නිසයි..

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 579
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 415
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20083
පෑන් කේක්
By Indunee Welivita
Views - 18446
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16346
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'