katatarasata.com

 

 

ක්‍රිස්මස් රයිස් - Christmas rice

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



ක්‍රිස්මස් රයිස් / Christmas rice..

අවශ්‍ය ද්‍රව්‍ය -

බාස්මතී 1Kg

බත පිසීමට අවශ්‍ය පමණට චිකන් ස්ටොක් ( මම ගෙදර හැදුවා )

ඉස්සො 100g ( පොතුහැර , ලොකු ඉස්සො නම් දෙකට කපා )

කුකුල්මස් 100g ( කුඩා කොටු කපා )

ඌරුමස් 100g ( තෙල් රහිත කොටස් කුඩා කොටු කපා )

එළුමස් 100g ( කුඩා කොටු කපා )

**දැල්ලො 100g ( රවුම් කපා - රෙසිපි එකේ නෑ . ඒත් මම ගත්ත )

දෙහි යුෂ

කැරට් සිහින්ව තීරු කපා කෝප්ප 1/2 ක් හෝ වැඩිපුර

අමුමිරිස් කරලක් - පෙති කපා

රතු බෙල් පෙපර් කෝප්ප 1/2 ( කොටු කපා )

ග්‍රීන් පීස් කෝප්ප 1/2 ක් පමණ ( තම්බා )

සුදුළූණු තේ හැදි 1-2 ( චොප්කර )

ඉගුරු තේ හැදි 1/2 - 1( චොප්කර )

ලුණු

ගම්මිරිස්

සෝයා සෝස් ස්වල්පයක් ( මම ගත්තෙ නෑ )

තෙල්

බිත්තර ( බැද කැබලි කඩා )

# එළුමස් , ඌරුමස් නොමැතිව මෙය සෑදිය හැක. එවිට ඉස්සො , දැල්ලො ප්‍රමාණය ටිකක් වැඩි කරන්න.

සාදන ක්‍රමය -

1. මුලින්ම බාස්මතී හාල් හොදින් සෝදා, බත පිසීමට අවශ්‍ය ස්ටොක් වතුර, ලුණු රස අනුව එක්කර බත හොදින් පිසගන්න.

2. දැන් පිසගත් බත් එක හොදින් නිවෙන්නට හරින්න.

3. හොදින් නිවාගත් බත් එක ශීතකරණයේ රැයක් තබාගන්න.

4. පසුදින බත් එකේ සිසිල යන්නට තබාගන්න.

5. භාජනයකට තෙල් ස්වල්පයක් රත්කර, එයට ලුණු හා ගම්මිරිස් දමා පදම් කරගත් මස් වර්ග වෙන් වෙන්ව බැදගන්න.

6. ඉස්සො , දැල්ලො දෙහි හා ලුණු එක්කර පදම් කර වෙන් වෙන්ව බැදගන්න.

7. දැන් ලොකු භාජනයකට තෙල් ටිකක් දමා රත්කර, ඉගුරු සුදුළූණු දමා බැදීගෙන එනවිට කැරට් දමා ටිකකිත් බෙල් පෙපර්, ග්‍රීන් පීස්, අමුමිරිස්, සෝයා සෝස් මිශ්‍රකර ගන්න.

8. එළවළු විනාඩියක් පමණ පිස, බත්, බැදගත් මස් වර්ග, බිත්තර කැබලි එක්කර ටික වේලාවක් පිසගන්න.

9. ලුණු, ගම්මිරිස් රසබලා ගන්න.

10. පිළිගන්වන විට එයට බැදගත් කජු, මුද්දරස්පලම් එක්කර ගන්න. ( මම බැද්දෙ ගී වල )

මෙය ඉතා රසවත් බත් එකක්. කැමති අය හදලා බලන්න. මෙයට මම කිසිම සෝස් වර්ගයක් එකතු නොකලට මෙහි එළවළු හා මස්, ඉස්සො, දැල්ලො වලින් වගේම මම ගෙදර හදපු චිකන් ස්ටොක් එකෙන් බතට උපරිමයෙන් රසක් එකතු වෙලා තියෙනවා.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'