ක්‍රීම් වෙජිටබල් සැලඩ් - Cream vegetable salad
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
ක්‍රීම් වෙජිටබල් සැලඩ් / Cream vegetable salad.. ( නත්තල් කෑම මේසෙට )
අවශ්‍ය ද්‍රව්‍ය -
පිපිඤ්ඤා ගෙඩි 1 ( සිහින් තීරු කපා )
කොළ පාට ඇපල් ගෙඩි 1 ( සිහින්ව පෙති කපා )
තක්කාලි ගෙඩි 3 ක් පමණ ( ඇට ඉවත්කර තරමක් ඝනකමට තීරු කපා )
සලාද කොළ 100g ( තරමක කැබලි කඩා )
මයොනිස් කෝප්ප 1/2 ( රස බලා එක්කර ගන්න )
යෝගට් මේස හැදි 3 ( රස අනුව එක්කර ගන්න )
සීනි තේ හැදි 1/2
ලුණු රස අනුව
ගම්මිරිස් රස අනුව
සාදන ක්‍රමය -
1. මයොනිස් , යෝගට් , සීනි, ලුණු හා ගම්මිරිස් එකට මිශ්‍රකර ගන්න.
2. එම මිශ්‍රණය එළවළු සමග මිශ්‍රකර ලුණු , ගම්මිරිස් රස බලාගන්න.
## මේ මිශ්‍රණය කෑමට පෙර කලවම් කරගන්න. මයොනිස් මිශ්‍රණය ශීතකරණයේ තබා ගෙන අවශ්‍ය විට රැගෙන මිශ්‍රකර ගන්න. ශීත කිරීමෙන්ද සලාදයට රසයක් එකතුවේ.
**මම සලාද කොළ එකතු කලේ නෑ කෑමට අකමැති අය සිටි නිසා.
**මයොනිස් නිවසේ සාදාගන්න හැකිනම් මෙය තවත් රසවත් කරගත හැක.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 52 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11527 |